යාපනය, වේලනෙයි, මතින් නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව මැනුම් කටයුතු සඳහා ඊයේ (11) එහි පැමිණි මිනින්දෝරුවන්ට උතුරු පළාත් සභාවේ හිටපු, දෙමළ ජාතික
සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්
මහතා ඇතුළු පිරිසක් විරෝධය දැක්වීම නිසා මිනින්දෝරු පිරිස මැනුම් කටයුතු සිදු නොකර ආපසු ගොස් තිබුණි.

මණ්ඩතිව් නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාව පැවති අතර විරෝධතාකරුවෝ  මිනින්දෝරුවරුන් පැමිණ වාහනය හරස් කරමින් ඔවුන්ගේ ගමනට බාධා කළහ.

මෙම විරෝධතාව හේතුවෙන් මිනින්දෝරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක  නැවත පැමිණෙන බව පවසමිනි. මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට ප‍්‍රදේශයේ ජනතාව කිසිසේත්ම එකඟ නොවන බවත් කඳවුර තිබෙන ප්‍රමාණයට වඩා එක අගලකින් හෝ පුළුල් කිරීමට ඉඩ නොදෙන බවත් උපෝෂකයෝ කියා සිටියහ.

-රොමේෂ් මධුෂංඛ-