අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි

ලසිත් මාලිංග ලකුණු 49ට කඩුලු 7ක් බිඳ හෙලා තිබෙනවා.
මහනුවර කණ්ඩායමට එරෙහිව මාලිංග බිඳ හෙලු කඩුලු 7ත් සමග ගාල්ල කණ්ඩායම තරඟය ජය ගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 255ක් ලබාගත් අතර පිළිතුරු ලෙස මහනුවර
කණ්ඩායම ලබාගත්තේ සියලුදෙනා දැවී ලකුණු 99ක් පමණයි.
එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා පවත්වන ලබන මෙම තරඟාවලිය බොහෝ දෙනාගේ අවධානයට නතු වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිට පිට ලැබූ පරාජයන් හේතුවෙන් කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇති හේතුවෙන්. කෙසේ නමුත් ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලසිත් මාලිංග ඊයේ දිනයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා කඩුලු 3ක් දවාගත්තා.