ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9.00ට පැවැත්විමට නියමිතව තිබේ.
මේ අතර පවතින තත්ත්වය පිළිබඳව
සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායකන්ගෙන් හමුවක්ද පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිතව තිබේ.
රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත හෙට පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකවරයා තීරණය කර තිබේ.