කොළඹ සිදුවූ පිපිරීම්වලින් මියගිය විදේශිකයන් ගණන මේ වනවිට 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශ අමාත්‍යංශ නිවේදනය ප්‍රකාරව
විදේශිකයන් 11 දෙනෙකුගේ මෘත දේහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන්දියානුවන් 3 දෙනෙකු, එක්සත් රාජධානියට අයත් සාමාජිකයන් 3 දෙනෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු, ඇමරිකානුවන් දෙදෙනෙකු සහ පෘතුගාල ජාතිකයෙකු මෙම පිරිසට අයත්ය.තවත් 19 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හඳුනා නොගත් විදේශිකයන් 25 දෙනෙකුගේ මළ සිරුරු තිබෙන බවද ඔවුන් නිවේදනය කළේය. ඊට අමතරව තවත් විදේශිකයන් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.