https://www.gossiplankanews.com/2019/04/mahinda-beliatta-train.html

විපක්‍ෂ නායක මහින්ද රාඡපක්‍ෂෂ මහතා ඊයේ (10) ප්‍රථම වරට මාතර බෙලිඅත්ත දුම්රියෙන් බෙලිඅත්ත බලා ගමන් ගත්තේය.ඒ වෙනුවෙන් මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයක්ද පැවැත්වුණු අතර
දුම්රිය ස්ථානය ඉදිරිපස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩිවලින් සරසා තිබිණි.‍
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු රජයේ ඇමැතිවරුන්ගේ හා චමල් රාජපක්ෂ මහින්ද අමරවීර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් පසුගිය 8 වැනිදා නිල වශයෙන් විවෘත කරනු ලැබූ අතර

එම අවස්ථාවේ මහින්දවාදීන්ගේ විරෝධතා පැනනැගුණ ආරංචියක්ද වාර්තාවූ නමුත් එය නොතකා විවෘත කර තිබුණි.
ඊයේ සවස මහින්ද රාජපක්ෂ පැමිණි අවස්ථාවට පුරපති රංජිත් යසරත්න මහතා ඇතළු මන්ත්‍රීවරුන් පිරිසක් ඇවිත් පිළිගෙන මඟුල් බර වාදන මධ්‍යයේ දුම්රිය ස්ථානය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

ඉන් අනතුරුව නව දුම්රිය මාළිගයේ මුල් ගල් තැබිමට අදාළේ සමරු ඵලකයද නිරික්ෂණය කළ මහින්ද රාපක්‍ෂ මහතා පසුව ප්‍රවේශ පත්‍ර කවුලුව වෙත ගොස් ටිකට් පතක් මිලදි ගත් අතර සංඝරත්නයේ ආශිර්වාදයද ලබාගත්තේය.
පසුව ප්‍රධාන ස්ථානාධිපති කාර්යාලයට ගොස් සමරු  සටහනක් තැබු රාඡපක්ෂ මහතා බෙලිඅත්ත බලා යන දුම්රිය පැමිණෙන තෙක් එම කාර්යාලයේ සතුටු සාමිචියක යෙදී සිටියේය. සවස 6.10 පමණ බෙලිඅත්ත බලා යන දුම්රිය මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයට ළගා වූ අතර විපක්‍ෂ නායක මහින්ද රාඡපක්ෂ මහතා එම දුම්රියේ දෙවැනි පංතියේ මැදිරියක අසුන් ගෙන මහ දෙපස රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පිලදුව. වෙහෙරහේන, කැකණදුර. බඹරැන්ද සහ වැව්රුකන්නෙල යන ප්‍රධාන හා උප ප්‍රධාන දුම්රිය ස්ථානවලදීත් ඔහුට රැඳී සිටි අය උණුසුම් පිළිගැනීමක් හිමි විය.