මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් බව කියන කංජිපානී ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය අවසර දුන්නාය.

ත්‍රස්ත විරෝධී පනත
යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයකදී කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායකදී අත්අඩංගුවට පත්විය.