https://www.gossiplankanews.com/2019/04/jameel-suicide-more-updates-dehiwala-cctv.html
සුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් දෙහිවලදී පස්වරු 1.45 ට පමණ සිදුකරගත් ප්‍රහාරය අසාර්ථක එකක් වූවාසේම එය සිදු කරගත් අබ්දුල් ලතීෆ් ජමීල් මානසික පීඩනයට ගොදුරුවී සියදිවිනසාගැනීමක් සිදුකරගෙන තිබෙන බවට මේ වනවිට කරුණු තහවුරුවී තිබේ.
සිනමන් ග්‍රෑන්ඩ්,ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද පුපුරුවාහැරීමක් කරන්නට ඉලක්ක කර තිබූ අතර ඔහු එම හෝටලයේ පෙර දිනයේ
නැවති පසුදා උදෑසන අවන් හල වෙත පැමිණ තෙවරක් බෝම්බය පුපුරුවාගැනීමට උත්සහ කළ බවට එහි සේවකයෙකු මාධ්‍ය වෙත දන්වා තිබුණි.

අබ්දුල් ලතීෆ් ජමිල්  උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණෙන අතර ඔහු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවන අවස්තාවේදී කලබලයට පත්ව ගමන්මලු පවා අවස්තා දෙක තුනකදී අමතක කර නැවත සේවකයින්ගේ පෙන්වාදීම අනුව ඒවා රැගෙන පිටවන අයුරු සීසීටීවී අනුව හඳුනාගන්නට ලැබේ.


හෝටලයෙන් පිටත්වන ඔහු වැල්ලවත්තට එක් ත්‍රීරෝද රථයක ගොස් නැවත තව එකක නැගී දෙහිවලට ගොස් නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී කතෝලික දේවස්තානයකට ගිය බවට මුල් වාර්තාවල කරුණු පළවුවත් ඔහු වැඩිවේලාවක් ගත කර ඇත්තේ දෙහිවල මුස්ලිම් දේවස්ථානයක බව සීසීටීවී සාක්ෂි අනුව පෙනී යයි. එම දේවස්ථානයේ පැය ගණනාවක් යාඥා කිරීම් වලට හා බිම වාඩිවී කල්පනා කිරීම් වල සිටි අයුරත් පෙනී යයි.

ඔහු මානසික පීඩනයකට ගොදුරුවී කල්ගත කළ බවක්ද cctv අනුව හඳුනාගන්නට ලැබේ.
ඔහු එයින් පිටත සිට අපේක්ෂා භංගත්වයෙන් යුතුව සැකකටයුතු ලෙස සිටගෙන සිටියදී මුස්ලිම් දේවස්තානයේ ඇතැම් අයට ඔහු ගැන සැක ඇතිවී ප්‍රශ්න කර තිබෙන අතර එක් පුද්ගලයෙකු ඔහුව වීඩියෝගත කරමින් ප්‍රශ්න කර තිබුණි. ඔහු දැක නොපුරුදු කෙනෙක් නිසා එම දේවස්ථානයේ අය දිගින් දිගට ප්‍රශ්න කර පසුව පොලිසිය වෙත යොමු කරන්නට සැරසී ඇති බවද පෙනී යයි.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් නැවත ත්‍රීරෝද රියක නැගී පළායාමට ඔහු කටයුතු කරන අතර  නවාතැන්ගෙන සිටි ‍නිව් ට්‍රොපිකල්

ඉන් නමැති ලැගුම්හල වෙත පැමිණ මිනිත්තු 5 කින් පමණ පුපුරුවාගැනීම කර තිබුනි.

මෙම සාධක සැලකීමේදී ඔහු මරාගෙන මැරෙන අනෙක් ප්‍රහාරකයින් මෙන් එම කටයුත්තට එක්නොවූ බව පෙනී යයි. එසේම ඔහු මුල සිටම මානසික ව්‍යාකූලත්වයෙන් කටයුතු කර ඇති බවද පෙනී යයි.උදේ ප්‍රහාරය වැරදී ගියේ බොම්බය හරියට සකස් කරගන්නට බැරිව යාමෙන් බවට මුලදී කරුණු වාර්තාවී තිබුන අතර ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස උපාධි හා පශ්චාත් උපාධිධාරියෙකුවූ බව කියූ ඔහුට මෙම කටයුත්ත අපහසුවීයාමද ගැටලුකාරීය.

ඔහු දෙහිවල ලැගුම් හලේදී බෝම්බය සකස්කරගන්නට ගොස් අත්වැරදීමකින් පිපුරුණ බවට මුලින් පැවති මතය අලුතින් නිකුත්වූ සීසීටීවී සාධක අනුව ප්‍රතික්ෂේප වෙයි. ඔහු පැහැදිලි ලෙසම දෙහිවල ලැගුම් හළේදී සියදිවි හානි කරගෙන ඇති බවද ඔහු මියයන්නට පෙර දෙවියන් යැදීමට ගිය බවක්ද මේ අනුව පෙනී යයි.
ඔහු මානසික ව්‍යාකූලත්වයෙන් සිටි අයුරු හා මුස්ලිම් පල්ලියේ අය ඔහුව ප්‍රශ්න කළ අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝව පහතින්

ජමීල් ගැන සම්පූර්ණ පෙර විස්තරය
ගුවන් යානා ඉංජිනේරු අබ්දුල් ලතීෆ් ජමිල් දෙහිවල ලැගුම්හළේදී මැරුනේ ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරුවාගන්නට බැරිව ගිය නිසා Click HERE