ඉතාලියේ ලුකා නගරයේදි  රැකියාවක නිරතව සිටි ලාංකික පුද්ගලයෙක්ව ඔහු පදිංචි නිවසේ කපාකොටා ඝාතනය කර තිබියදි පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇති බව එරට ආරංචි මාර්ග පවසයි. මෙලෙස
ඝාතනයට ලක්වි ඇත්තේ නැගෙනහිර නයිනමඩමේ පදිංචි කේ රෝෂන් 53 නැමති විවාහකයෙකි.

මියගිය තැනැත්තාගේ බිරිඳ විසින් පොලිසියට කරන ලද දැනුම්දීමක් මත පොලිස් නිලධාරින් විසින් මළ සිරුර සොයාගෙන ඇති අතර මෙම ඝාතනය නිවසේ සිටි පුද්ගලයන් විසින් සිදු කළාද එසේත් නැතිනම් බිරිඳ

සමග ඇති වු ගැටුමක් නිසා සිදු වූවාද යන්න සොයා ලුකා නාගරික පොලිසිය පරික්ෂණ සිදු කරන බව එරට ආරංචි මාර්ග පවසයි. 

පෙරේදා (16දා) රාත්‍රිෙය් ඔහු පදිංචි නිවසේ සිදු වු ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට ලූකා නාගරික පොලිසිය සැකකරන අතර එම නිවසේම නවාතැන් ගෙන සිටි ලාංකිකයන් දෙදෙනෙක්ව සැකපිට අත් අඩංගුවට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවට එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 

වසර ගණනාවක් මියගිය තැනැත්තා ලූකා නගරයේ සේවය කරන බවත් පළමු බිරියගෙන් වෙන්වි වෙනත් කාන්තාවක් සමග ජිවත් වෙමින් සිටියදි මෙලෙස ඝාතනයට ලක්වි ඇති බවට එරට ආරංචි මාර්ග පවසයි.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු