හෙරොයින් කිලෝ 05ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අද දහවල් පොලිසිය සමත්ව තිබේ.
අද දහවල් 12.00 ට පමණ කිරිබත්ගොඩ
පොලිස් වසමේ මාකොළ වයි හංදිය ප්‍රදේශයේදී
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝ ග්‍රෑම් 05 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු.28 වූ රෝහල  පාර, කිරිබත්ගොඩ, කැලණිය ලිපිනයේ පදිංචි සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා යන අය වේ.
මෙම සැකකරු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශනය සදහා පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතය.