පියා බීමත්ව නිවසේ නිදා සිටියදී බාල පිරිමි දරුවා විසින් පත්තු කර දැමු බඹර චක්‍රයකින් බරපතල
පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද පෙරවරුවේ
මිය ගොස් ඇතැයි කෑගල්ල මුලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ
කෑගල්ල පොලිස් වසමේ වතුර,දික්හේන,ලිපිනයේ පදිංචිව සිටි කේ,ඩි,ගාමිණී
වසන්ත කුමාර නැමති 50 හැවිරිදි තිදරු පියෙකි.

මිය ගොස් ඇති තිදරු පියා ප්‍රදේශයේ කුලී වැඩ කර දරුවන් ලොකු මහත් කර ඇති බව පොලිසිය කියයි.
මොහු කලක සිට තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ද පුරුදුව සිට ඇත.

පසුගිය අප්‍රේල් 12 දා මෙම තිදරු පියා මත්ද්‍රව්‍ය පානය කර නිවසේ නිදාගෙන සිටින අවස්ථාවේදී
බාලතම  9 හැවිරිදි පිරිමි දරුවා බඹර චක්‍රයක් පත්තු කර විසිකර ඇති අතර එම බඹර චක්‍රයක පසුව
නිවසේ නිදාගෙන සිටි පියාගේ ශරිරයට ගොස් ඇති බවද කියයි. උදරයෙන් පහළ කොටස බරපතල තුවාල
ලැබු තිදරු පියා බිරිඳ විසින් එදින රොහල් ගත නොකර පසු දා 13 දා රොහල් ගත කර ඇති බව පොලිසිය
කියයි. බරපතල තුවාල ලබා කෑගල්ල මහ රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියා අද
මියගොස් තිබෙනවා.


-දමුණුපොළ චමින්ද ජයලත්