මතුව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික. පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොටුව දුම්රියපොල ඉදිරිපිට
පැවති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් .

විදුලි අර්බුදය පිළිබද ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ඊයේ පැවැත්විය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මඟින් මෙම වැඩසටහන සංවිධාන කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියේය.

හිතාමතා විදුලි අර්බුද්ධයක් ඇති කරමින් පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ ඡාවාරමක් මෙය පිටුපස ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ගොස් මේ ගැන පැමිණි කරන බවත්, අද විදුලි ඒකකයක අලාභය රුපියල් 120ක් වන බවත්, විදුලි ඒකක මිලියන 9ක් අද වන විට ජනතාවට අහිමි වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවට සිදුවු අලාභය විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු බවත් මේ වන විටත් විශාල නෞකා දෙකක් විදුලි ජනන යන්ත්‍ර රැගෙන පැමිණ ඇතැයි ද පැවසු වාසුදේව නානායක්කාර මහතා, ඒ සඳහා අමාත්‍යාංශයෙන් වැඩි පුර ගෙවන මුදල් සම්බන්ධයෙන් අදහස් පළ කළේය.