ටිබෙටයේ  බෞද්ධ ආධ්‍යාත්මික නායක 83 හැවිරිදි දලයි ලාමා හෘද ආසාදනයක් හේතුවෙන් රොහල් ගත කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දිල්ලි අගනගරයේ රොහලකට එතුමා ඇතුලත් කර ඇති
අතර මේ වන විට තත්ත්වය

යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා පළවේ.ෙ
නොබෙල් සාම ත්‍යා‍ග හිමයෙකු වන එතුමා පසුගිය කාලයේ රෝග තත්ව නිසා බොහෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් ව සිටියේය.
වෛද්‍යවරුන් පවසන පරිදි ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන අතර තව දින කිහිපයක් රොහල් ගත වී සිටීමට සිදුවනු ඇත.
ටිබෙටියානු බෞද්ධ විශ්වාසය තුළ පැවසෙන්නේ ඉතා ජ්‍යොෂ්ඨතම ලාමා වරයාගේ දියවි අහිමි වුවොත් නැවත කුඩා දරුවෙකු ගේ ශරීරය තුළට ඇතුල් වන බවයි.