ඊයේ පැවති ඊශ්‍රායල් මහමැතිවරණයෙන් නැවතවතාවක් ඊශ්‍රායල් හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ජය තහවුරු කර ගැනීමට සමත්විය.

මෙවර ඔහු අගමැතිවන්නේ අඛණ්ඩව පස්වන වතාවටයි.

ඒ අනුව ඔහු මෙතෙක් ඊශ්‍රයලය දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැකිවරයා බවට පත්වන්නේය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් වූ බෙනී ගෑන්ට්ස් ය. 69 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු මෙවර මැකිවරණ අපේක්ෂකයා ලෙස සහභාගී වූ යේ දූෂණ චෝදනා වලටද ලක්වෙමින් සිටියදීය

නෙන්යාහුගේ ජයග්‍රහණය ප්‍රකාශ වීමත් සමග ඔහුගේ ආධාර කරුවන් සිය ජය ඝෝෂා නැගූ අතර නෙතන්යාහු සිය කථාවේදී ප්‍රකාශ කළේ ආණ්ඩුව දක්ෂිණාංශක පාර්ෂවයට අයත්වුවද අගමැතිවරයා සියල්ලන්ටමය යන්නයි.