ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම සංගීත කණ්ඩායමක් වන ‘Centigradz‘  සමග රේන්කො ආයතනය අත්වැල් බැඳගනිමින් මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන්ම නිර්මාණය කෙරුනු නවතම ගීතයයි  ”රන් දෑකැත්තෙන්”

‘Centigradz‘ හි තුසිත් නිරෝශන්ගේ සංගීතයෙන් හැඩගැන්වුනු රන් දෑකැත්තෙන් ගීතය රචනා කරනු ලැබුවේ රේන්කො ආයතනයේ චතුරංග සිරිපති විසිනුයි.
සමගිය හා ජාතීන් අතර එකමුතුකම විදහා දැක්වීම මෙම ගීතය නිර්මාණය කිරීමේ මූලික අරමුණු අතරට ගැනුණු බව මෙම ගීතයේ නිර්මාණ කරුවන්ගේ අදහසයි.
ඒ වගේම සමගිය ගැන රට තුල කතිකාවතක් ගොඩනැගෙන සිංහල හින්දු අලූත් අවුරුදු සමයත් සමගම මෙම සංකල්පය ජනගත කිරීමට හැකි වීමත් එක්තරා දුරකට ජයග‍්‍රහනයක් කීවොත් නිවැරදී.
තවද  ”සැම සිත් සතුට පිරේවා - සැමකල් රටම දිනේවා” මම ගීතයේ තේමා පාඨය ලෙස තෝරාගැනීමත් මෙම සංකල්පය වඩාත් තහවුරු කරයි.
වසර ගණනාවක් පුරාවටම  සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් නැවුම් ගීත තිළිණ කරන ‘Centigradz‘ සංගීත කණ්ඩායම මෙවර රේන්කො ආයතනය සමග මේ සඳහා තම පූර්ණ දායකත්වය දැක්වූයේ මෙය ගීතයකට එහා ගිය පණිවිඩයක් ජනගත කරන නිසාවෙනි.
ශ‍්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගෙනයාමට සියළු ජාතීන් එකට අත්වැල් බැඳගැනීම තීරණාත්මක  සාධකයක් වන අද දවසේ මෙම ගීතය ඔබට තිළිණ කරන්නේ ඉමහත් සතුටකිනි.

   ”සැම සිත් සතුට පිරේවා - සැමකල් රටම දිනේවා” අප සියළු දෙනාගේම එකම පැතුමයි.