යාපනයේ කයිතඩි ප‍්‍රදේශයේ මත්ති ගම්මානයේ තරුණියක් 10 දා ළිදකට වැටී මියගොස් තිබේ.
 ගණේෂන් ජෙසිකා
නැමති 17 හැවිරිදි තරුණිය මුහුණ සේදීම සඳහා නිවස අසල පිහිටි අනාරක්ෂිත ළිඳට ගොස් ජලය ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇය ළිදට වැටී මිය ගොස් තිබේ. නියඟය නිසා ළිඳේ ඇති ජල ප‍්‍රමාණය අඩු නිසා ජලය ලබා ගැනීමට ඇය ළිඳ තුළට නැමීමේදී ළිදට වැටී මෙලෙස මියගොස් තිබේ.

 වහාම අසල්වාසීන් පැමිණ ඇයව චාවාකච්චේරී රෝහල වෙත රැුගෙන යන ලද නමුත් ඇය රෝහල වෙත රැුගෙන යන විටත් මිය ගොස් සිට තිබේ. යාපනයේ චාවාකච්චේරී පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ