පසුගියදා උතුරු කොළඹ ආසනයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා සදහා මහන මැෂින් ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් රවි කරුණානායක ඇමතිවරයා පවසා සිටියේ

විදුලිබල අමාත්‍යාංශය බාර ගන්නා කිසිම අමාත්‍යවරයෙකුට යලි අපහසුතාවයක් ඇති නොවන ලෙස එම අමාත්‍යංශය ගොඩ නගන බවකි.

'මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්. නමුත් මාස 02 ක් 03 ක් යද්දි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා, තවත් කිසිම අමාත්‍යවරයෙක්ට මේවගේ ප්‍රශ්න කවදාවත් ඇකි නොවන විදියට කටයුතු කරනවා. 2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ අමාරු අමාත්‍යාශයක්. මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරුම අමාත්‍යාංශයක්. නමුත් අහිංක කජනතාවට වැඩියෙන් උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. සතියක්,

දෙකක්, තුනක් මට බනීවි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේතාක් කාලයකට. දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නේ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනන සැලැස්මකටයි අපි යන්නේ ”