මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීම් ව්‍යාපෘතියක් දියත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු යොදා තිබේ.

විදුලිය නිෂ්පාදනයට
ජලය ලබා ගන්නා ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති නිසා මෙම පියවර ගත් බවත් ඇමති රවී කරුණානායකගේ උපදෙස් පරිදි තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ කෘත්‍රිම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කළ බවත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී සි.පී.එස්, ගුණස්කර මහතා පැවැසීය.  ඒ අනුව ගුවන් හමුදාව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමග මෙම සතිය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.


 - රංජිත් රාජපක්ෂ-