මේ දිනවල විදුලිය පිලිබඳ අර්බුදයක් නැති බවටත් විදුලි කප්පාදුවක් සිදු නොවන බවටත් රජයේ නිවේදන නිකුත්ව තිබුණත් පසුගිය සිකුරාදා(14) සිට ඊයේ බ්‍රහස්පතින්දා දක්වා කොළඹ හා තදාසන්න නගරවල විදුලි
කප්පාදුවක් සිදු කර තිබෙන බව වාර්තාවේ.

ඉහලින් ආ උපදෙස් මත විදුලි හිඟයට පිලියම් ලෙස මෙම කප්පාදුව සිදු කළත් ඒ ගැන ජනතාවගෙන් වසන් කිරීමට අදාළ ආයතන පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
කොළඹ දිස්ත්‍රික්කයේ බම්බලපිටිය, නුගේගොඩ,පිලියන්දල, මොරටුව ආදී ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුව පැය 2 , 3 ආදි ලෙස කාන්ඩ වශයෙන් ක්‍රියාත්මක වී ඇත.
මේ කප්පාදුව විදුලි බල මණ්ඩලය ප්‍රතික්ෂේප කරන්නේ කප්පාදුවක් සිදුවන බව දැනුවත් කළොත් ජනතාව අනෙක් වේලාවල පරිභෝජනය වැඩි කර කප්පාදුවෙන්  අපේක්ෂා කරන ඉතිරිය නැති කරන නිසා බවට තතුදත් ආරංචි වාර්තා කර ඇත.