ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 600 කගේ මුරපද එම සමාජ ජාලයට අනුබද්ධ කාර්යාලයේ සේවය කරන සේවකයින් 20,000 කට පමණ ප්‍රවේශ අවසරය ලැබී තිබීම ගැන ගැටලුකාරී තත්වයක් පැනනැගී ඇත.

ආරක්ෂණ පර්යේෂක බ්රයන්

ක්රෙබ්ස් දත්ත ආරක්ෂණ කඩාකප්පල් කිරීම් පිලිබඳ මෙම අනාවරණය සිදු කිරීමත් සමග ෆේස්බුක්  සමාජ ජාලය කෙරෙහි විශ්වාසය නැවත වරක් පළුදුවී තිබේ.
නිරාවරණය වූ මුරපද 2012 වර්ෂයට පෙර ලබාගත් සාමාජිකයින්ගේ බවත් ඒ මුරපද ඉතා පහසුවෙන් ටෙක්ස්ට් ඩොකියුමන්ටුවක තැන්පත් කර තිබී ඇතිබවත් වාර්තාවේ
මේ ගැන ප්‍රකාශයක් කරමින් ෆේස්බුක් ආයතනය පවසා ඇත්තේ එම අනාරක්ෂිත තත්වය ගැන ගැටලුව ඇත්තක් බවත් ජනවාරි මාසයේදී මෙම තත්වය සොයාගෙන ඇති බවත් එය මේවනවිට විසඳා ඇති බවත්ය.
ෆේස්බුක් සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ  බ්රයන් ක්රෙබ්ස් මෙම අනාවරණය සිදු කර තිබුණි.
මෙම අනාවරණය නිසා අවදානමට පත් වූ ජනතාවගෙන් වැඩි දෙනෙක් ෆේස්බුක් ලයිට් භාවිතා කරන්නන් වන බව එහි පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇත.
පරිශීලක දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ෆේස් බුක් මින් කිහිප අවස්තාවකදීම ගැටලු වලට මුහුණ පාන ලද අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී මිලියන 50 පරිශීලකයින්ගේ තොරතුරු සම්බන්ධ ආරක්ෂිත දෝෂයක් ඇති බවද අනාවරණය විය.මීට පෙර 2018 දී  කේම්බ්රිජ් ඇනලිතිකා හෙළිදරව්වකින් කියැවුනේ මිලියන ගණනක් පරිශීලකයින්ගේ දත්ත අනාරක්ෂිත බවයි.