https://www.gossiplankanews.com/2019/03/madush-father-makandure-letter.html
මාකඳුරේ මදුෂ් කුඩා කාලයේ පියාට ආදරය කළා වෙනුවට වෛර කළ පුතෙකි. ඒ තම මව භීෂණ සමයේ වෙඩි පහරකින් මියගියායින් පසු පියා තමා ගැන බලන්නේ නැතිව වෙනත් කසාදයක් කරගෙන වෙනම පදිංචියට ගිය නිසාය. මදුෂ් හැදුනේ වැඩුනේ මවගේ නැගණිය පුංචි අම්මා ළඟය. කෙසේ වෙතත් පසුකාලීනව මදුෂ් නරකින් හම්බකර කෝටිපතියෙකුවූ පසු පියාගැන බැලුවේය. සතුරන් අතින් තම එකම මළනුවන් මියයාම මදුෂ්  කම්පා කළ ආරංචියකි. එහිදී පියා සමග ඔහු
එකට දුක බෙදාගත්යෙ. එයින් පසු පියා සමග ඔහු වඩාත් කිට්ටු විය.
මදුෂ් ඩුබායිහි සැඟවී සිටි කාලයේ පියා 2018 මියගියේ හදිසි අනතුරකිනි.

2018 සැප්තැම්බර් 20වැනි දින රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ මදුෂ්ගේ පියා වන 62 හැවිරිදි සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නොහොත් ලාල් වහාම ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය. එදින සිට දින නවයකට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ලක්ෂ්මන් 29 වැනි දින හදිසියේම මියගියේය. මිය යනතෙක්ම ඔහු කාගේ කවුද යන්න පිළිබඳව වැඩි දෙනෙකු දැන සිටියේ නොමැත.

එහෙත් 29 වන දින ඔහු මියයාමෙන් පසු මාකඳුරේ මල් ශාලාවකට දේහය ගෙන ඒමෙන් පසු පොලිස් බුද්ධි අංශවල මොහු ගැන වාර්තාවී තිබුණි.
පියාගේ අවමංගල්‍යයට මදුෂ්ට එන්න ඕනෑකම තිබුණත් එය නොකළේ පොලිසිය තමාව කොටු කරගනිවී යන සැකයෙනි.හත්පෝරුව මහගම ජනපදයේ 354 නිවසේ මදුෂ්ගේ පියාගේ දේහය තැන්පත් කෙරිණි.
කෙසේ නමුත් තම ගෝලයින් යොදවා ඉහලින් අවමංගල්‍යය සිදුකරන්නට අවශ්‍ය උපදෙස් හා මුදල් මදුෂ් ඩුබායි සිට එව්වේය. එසේම පියා වෙනුවෙන් පන්සලේ ගොඩනැගිල්ලක්ද හදාදෙන්නට පොරොන්දුවී පසුව ඉතා කෙටි කලකින් එය ඉටු කළේය.

හෙළිකොප්ටර වලින් මල් ඉසිමින් රාජ්‍ය නායකයෙකුට සමාන ගෞරව දක්වමින් පියාගේ අවමංගල්‍යය සිදුවූ ආකාරය සජීවීව අන්තර්ජාලයෙන් නරඹන්නටද මදුෂ් කටයුතු කළ බව වාර්තාවී තිබුණි.
මේ අතර මදුෂ් තම පියා වෙනුවෙන් විවිධ සටහන්ද සැකසූ අතර ඒවා මුද්‍රණය කරවා අවමගුලේදී බෙදාහරින ලදි.
මදුෂ් හසුවීමත් සමග මෙම අවමංගල උළෙලට අදාළ ඩීවීඩී පට හා මුද්‍රිත සටහන් ඒවා සන්තකයේ තිබූ අය විනාශ කර දමා තිබුණි. එයට හේතුව ඒවායින් තවත් අය ගැන හෙළීවීමට ඉඩකඩ තිබීමත් මදුෂ්ගේ සම්බන්ධය ගැන ඒවා සන්තකයේ තිබෙන අයට අනවශ්‍ය ප්‍රශ්න වලට ලක්වේය යන සැකයත්ය.

මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන සංවිධායකයෙකු ලෙස කටයුතු කළ කැළුම් ඉන්දික හෙවත් කැවුමා පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූ පසු  මොරටුවේ නිවසකින් මත්කුඩු හා ආයුධත් හමුවිය. මේ අතර මොරටු නිවසේ තිබූ බඩු භාන්ඩ අතර මදුෂ්ගේ පියාගේ අවමගුලට අදාළ මුද්‍රිත ලේඛන හා ඪීවීඩී පටයක් හමුවිය. එම මුද්‍රිත ලේඛන වල මදුෂ් තම පියාගේ මරණය ගැන සටහන් කර එවූ කවි හා ලියුම් තිබුණි.

සිය මලණුවන් අකාලයේ මරා දැමීමේ පලිය වෙනුවෙන් මාකඳුරේ මදුෂ් අවි ගත් බවත් රටට වින කරන උන් අකා මකා දමන බවටද මියගිය පියාගේ දේහයේ නාමයෙන් සපථ කරන බවත් මදුෂ් එවා තිබූ ශෝක පණිවිඩයේ ලියා තිබුණි.
එ කවි දෙකක් මෙසේය.

එක කුස උපන් සොයුරා උදුරාගෙන ‍මෙලොවේ
පරසතු කුසුම් පිපුණා පාලක ලෝකේ
අවිය අමෝරා ගනු ලෙස වෙන කිසි සේ
මඟක් නොතිබුණා ඔබේ කඳුළැලි දෑසේ

දිවුරා පොරොන්දුවක් දෙන්නෙමි පියෙකු නමින්
රකිනෙමි ඔබේ මතු පරපුර මගේ ලෙයින්
දෙරණට උපන් රජිදා මම ඔබේ ලෙයින්
අවසන් හුස්ම රකිනෙමි ලක් මෑණි නමින්


තවත් සටහනක කොටසක් මෙසේය.

තාත්තාගේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පන්තියේ දේශපාලන නරුමයන් යහතින් වැජඹෙන විට නිහඩ පිය සෙනෙහස වේදනාවෙන් විඳි දුක ඔය මුහුනේ ඉරියව් වලින් මට විනිවිද පෙනුණා තාත්තේ....

ඔය වේදනාව තුනී කරන්න අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලුනේවත් නැත්තේ සහෝදර ප්‍රේමයට තාත්තාගේ රුධිරය මේ ලේ  මස් ඇට නහර තුළ රත්වී වේගයෙන් දිව්වේ 

මල්ලීගේ ජීවිතය උදුරාගත් නරුමයින් පසුපසයි.
තවත් එවැනිම අහිංසක කොල්ලන්ගේ ජීවිත උදුරාගන්නට ඉඩ නොදෙමිනි.

රටට සමාජයට වින කරන උන් අකාමකා දමනට අවසන් වරට දිවුරා සපතවෙමි ඔබේ නාමයෙන්
 

මම ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණ ලොකු පුතා වෙමි
 -

රටක් පරසිඳු පුතෙකු බිහිකල
පියෙකි නුඹ මරණයද පසු කල