https://www.gossiplankanews.com/2019/03/lal-kantha-speaks.html
සුගියදා බීමත්ව අපරීක්ෂාකාරීව රිය ධාවනය කොට අනතුරක් සිදුකර කාන්තාවකට තුවාල සිදු කරන ලද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත  දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඊයේ (7) ඇප මත නිදහස් වූයේය.
පුද්ගලික ප්‍රතිපත්ති පිළිබඳ විශාල අවධානයක් පවතින පක්ෂයක
ප්‍රබල සාමාජිකයෙකු බීමත්ව හැසිරීම ගැටලුකාරී බවට මෙම සිද්ධියෙන් පසු සාකච්චාවක් පැනනැගුණි. මින් ඉහත මෙවැනි හැසිරීම් සිදු කළ අය පක්ෂයේ විනය කඩකළ අය ලෙස සලකා දඩුවමට ලක්ව තිබීම මත මේ ගැන සොයා බලන බවද පක්සයේ ප්‍රබලයින් දන්වා තිබුණි.
කෙසේ වෙතත් ඊයේ

ඇප මත නිදහස ලද පසු ලාල් කාන්ත කිව්වේ වෙනත් කථාවකි. අධිකරණය හමුවේ විභාග වන නඩුවක් වූ බැවින් මේ ගැන ඔහු සෘජුවම අදහස් නොකීවත් කියූ දේවල්වලින් ගම්‍ය වන්නේ පොලිසිය ඔහු බීමතින් සිටි බවට කළ ප්‍රකාශ සාවද්‍ය බවකි.

'ශ්‍රී ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු  දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැහැ'
ඔහු කියා සිටියේය.

"පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරුපැදියක  ගැටී අනතුරක් සිදු වුණා. මම කනගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී  එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව

පැමිණි යතුරුපැදිය තමයි මගේ වාහනයේ  ගැටුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ  විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා,

 එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා..
මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය  පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.
පොලීසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා ” ඔහු වැඩිදුරටත් පැවසිය.