තරුණයන් 11 දෙනෙකු සුදුවෑන් මගින් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (11 දා) දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියෝග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

මිනී මැරීම, කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යෑම, තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස අද්මිරාල් කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර පසුගියදා ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවේ කරන්නාගොඩ මහතා අත්අඩංගුවට නොගන්නා ලදි. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නාගොඩ මහතාට නියෝග කර තිබිණි.

එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් සිදුකළ නියෝගය ඉදිරි විමර්ශන කටයුතුවලට කිසිම බාධාවක් නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයේ සඳහන් වී ඇත.