https://www.gossiplankanews.com/2019/03/highlights-update-budget-2019.html#more

විස්තර සහිත අයවැය සම්පූර්ණ ලේඛනය PDF කියවන්න මෙතැනින්

04:16 PM අයවැය කතාව අවසන් විය.

04:14 PM 6/1 සිට කැසිනෝ ඇතුළත්විමේ ගාස්තුව ඩොලර් 50ක් කරනවාත.
ආනයනික් සේවා ගාස්තු බදු සංශෝධය කරනවා.
පළතුරු බීම මත පනවා ඇති රේගු ආදායම් බදු සංශෝධන කරනවා.

04:14 PM කැසිනෝ බලපත්‍ර ගාස්තුව මිලියන 200 සිට 400ට වැඩි කරනවා.
මිලියන එකක ගාස්තුවක් අයකරනවා.

04:13 PM මත්පැන් ගාස්තු වැඩිිකරනවා. ගල් අරක්කු මිල ඉහළ යන්නේ නෑ.

04:12 PM 2019/6/1 දා සිට නව ගුවන් ගමන් ගාස්තු සංශෝධනය කරනවාත.
එක්දින සේවාව 5000කින් සමානය සේවව 3000 සිට 3500 දක්වා.
මෝටර් රථ විශේෂ අංක තහඩු ගාස්තු සංශෝධනය කරනවා.  නම ගහන අංක තහනඩුවකට රුපියල් මිලියකට ගන්න පුළුවන්.

04:11 PM දුම්කොල බද්ද 2500 සිට 3500 දක්වා වැඩිකකරනවා. නැව් නැගීමේ ගාස්තු ඩොලර් 10කින් වැඩිකරනවා.

04:10 PM මෝටර් රථ වාහන නිශ්පාපාදන හා සුඛේපබෝඝී නිශ්පාදන බදු සංශෝදනය කරනවා. කුඩා මෝටර් රථ අවම බද්දක්. වාහන ආනයනයේදි 200%ක ආන්තිකය වෙනස් කරනවා.

04:09 PM ලංකාවේ බදු අනුපාතය ලෝකයේම පහළ මට්ටමක තිබෙනවා.
බදු අදායම වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුයි.දුම්වැටි නිශ්පාදන බදු සංශෝෂනය කරනවා ජුලි 1 දා සිට ජාතිය ගොඩ නැගීමේ බද්ධ අඩුකරනවා. එක සිගරට්ටුවක මිල රුපයල් 5කින් වැවෙනවා.

04:07 PM විවිධ  ව්‍යාපෘති සඳහා බැංකු සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කරනවා. උතුරු පළාතට ආර්ථික මධ්‍යස්ථාන 10ක් ඉදිකරනවා.

04:05 PM පැල්මයිරා අරමුදලක් වෙනුවෙන් රුපයල් මිලියන 5000ක් වෙන්කරනවා.

04:01 PM සූර්ය බලශක්තිය මගින් විදුලිය ලබාදීමට සෑම පන්සලකටම ලක්ෂ තුනක්. ජොන්ද සිලාව රඟහලේ අලුත්වැඩියා කටයුතු 2020දී අවසන් කරනවා.ජාතික ප්‍රසාංගික මධ්‍යස්ථානය මොරටුවේදී ආරම්භ කරනවා.


04:01 PM සූර්ය බලශක්තිය මගින් විදුලිය ලබාදීමට සෑම පන්සලකටම ලක්ෂ තුනක්.
ජොන්ද සිලාව රඟහලේ අලුත්වැඩියා කටයුතු 2020දී අවසන් කරනවා.
ජාතික ප්‍රසාංගික මධ්‍යස්ථානය මොරටුවේදී ආරම්භ කරනවා.

04:00 PM කලාව හා සංස්කෘතිය වර්ධනයට නොකඩවා සහන දෙනවා. කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රචාරය කිරිමේදී ඔවුන්ට ලැබිය යුතු මුදල් ලැබිය යුතුයි. පුරස්කාර ගෙවිම මගින් ලැබන ආදායම මසකට රුපියල් 50000 දක්වා රඳවා ගැනීමේ බදු වලින් නිදහස්.

03:58 PM එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවට උචිත භාණ්ඩ ආනයන කරන ආයතන ලියාපදිංචි කළ යුතුයි.

03:57 PM ස්වාභාවික විපත් කළමනාකරණයට රුපියල් මිලියන 20000ක් වෙන්කරනවා.
පීඩාවට ලක්වූ දේපළ හා පුද්ගලයන් වෙනුවෙන් ඉක්මනින් වන්දි ගෙවිමට ස්වාභාවික ආපදා රක්ෂණයට රුපියල් මිලියන 1000ක් කරමින් වාරිකය 500 සිට 1500 දක්වා වැඩිකරනවා.

03:55 PM ප්‍රජා මූලික හරිත  සමාජ සෑම ප්‍රා ලේ කොට්ඨාසයකම ආරම්භ කරනවා. ඒ සඳහා කොට්ඨාසයකට රු මිලියන 2.5ක් දෙනවා. වෙරළ පිරිසිදු කිරිම හා රුක් රෝපණ කිරීම ඔවුන්ගේ කටයුතුයි.
හරිත උද්‍යාන සඳහා වන ආයෝජන තවදුරටත් කරනවා. හරිත උද්‍යාන 40ක් ඉදිකරිමින් තිබෙනවා. කොළඹ නගර අලංකරණය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්.කඩොලාන නැවත වගා කිරිමට සහයෝගය දෙනවා පැල තවාන් පිහිටුවීමට මිලියන 50ක්

03:52 PM සමෘද්ධිය සම්පූර්ණ දේශපාලන ව්‍යාපාරයක්. නොලැබිය යුතු අය මෙම සහනය ලබනවා. දුප්පතා දුප්පතා ලෙසම කටයුතු කරනවා.
සමෘද්ධිය ප්‍රතිසංවිධානය කරනවා. ප්‍රතිලාබී සංඛ්‍යාව ලක්ෂ 6කින් වැඩිකරනවා බිලියන 10ක් වෙන්කරනවා.
සමෘද්ධි බැංකු සතු මුදල් වලින් ගිණුම් හිමියන්ට රුපියල් 30000ක් දක්වා මුදල් ලබාගැනීමට අවස්ථාව දෙනවා.

03:50 PM පානීය ජල ව්‍යාපෘතියන් සඳහා රුපියල් මිලියන 45000ක් වෙන්කරනවා.

03:48 PM අල්ලස් හා දූෂණ දෝනා කොමිසම ශක්තිමත් කිරිමට මිලියන 100ක් වෙන්කරනවා.
ග්‍රාමශක්ති නිශ්දපාදන ව්‍යාපාරිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක්. ස්මාට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට තව දුරටත් උපකාර කරනවා.

03:47 PM ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැඩි වී නෑ. කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 කරනවා. ගෙවල් කුලී දීමනවා සියයට 30කින් වැඩි කරනවා. නිල ඇඳුම්  වෙනුවෙන් දෙන දීමනාව වැඩි කරනවා. එකට එකක් වැඩිකරනවා. මේ දීමනාව නාවික හා ගුවන් හමුදාවටත් ආළයි.


03:44 PM විශ්‍රාම වැටුප් සංහෝධනනය කිරීම 2019 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරිමට රුපියල් බිලියන 12ක් වෙන්කරනවා. පහළම විශ්‍රාමිකයන්ගේ 1600කින් පළමු පංතියේ ගුරු වරයෙකුගේ රුපියල් 4600කින් හා අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ 12000කින් මෙහිදී ඉහළ නංවනවා.

03:42 PM රුපියල් 10000  ක වැටුප් වැඩිවීම 2020දී මූලික වැටුපට එකතු කර අවසන්. මේ වන විට සියලුම රාජ්‍ය සේවක වැටුප 107%කින් වැඩි කර තිබෙනවා. ඒ වැඩිවීම ලබාදෙන්න තවත් බිලියන 40ක් වෙන් කර තිබෙනවා. වැටුප් සමාලෝචන කමිටු වාර්තා නිර්දේහ ක්‍රියාමත්මක කරනවා
ජුලි මාසයේ සිට රු  2500ක වැටුප් වැඩිවීමක් රජයේ සේවකයන්ට ලබාදෙනවා.

03:38 PM වැඩිදියුණු කළ දුම්රිය සේවයක් සඳහා ඉල්ලුම් තිබෙනවා.
ප්‍රධාන දුම්රිය මාර්ග 4ක් ඉදිකිනරවා. මාලමේ - කොළම සැහැල්ලු දුම්රිය මාර්ගයට මිලියන 5000ක් වෙන්කරනවා.
මහනුවර එක හා තෙවැනි කොටසේ ඉදිකිරිම් නිමකරනවා. රුවන් පුර අධිවේගී මාර්ගයේ වැඩි 2019 දී ආරම්භ කරනවා. ග්‍රාමීය මාර්ග වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා.

03:38 PM වැඩිදියුණු කළ දුම්රිය සේවයක් සඳහා ඉල්ලුම් තිබෙනවා. ප්‍රධාන දුම්රිය මාර්ග 4ක් ඉදිකිනරවා. මාලමේ - කොළම සැහැල්ලු දුම්රිය මාර්ගයට මිලියන 5000ක් වෙන්කරනවා.
මහනුවර එක හා තෙවැනි කොටසේ ඉදිකිරිම් නිමකරනවා. රුවන් පුර අධිවේගී මාර්ගයේ වැඩි 2019 දී ආරම්භ කරනවා. ග්‍රාමීය මාර්ග වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා.

03:37 PM ත්‍රි රෝද රථ කුඩා කාර්රථ බවට පරිවතර්නය කිරිමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා.
දැනට භාවිත කරන ත්‍රි රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා.


03:36 PM ඒකාබද්ධ බස් පාලන මධ්‍යස්ථානයක් ඉදිකරනවා. එමගින් ලංගමට 40%ක් කොටසක් ලබාදෙනවා. මේ සඳහා රුපියල් මිලියන 1300ක් වෙන්කරනවා.
ප්‍රමිතයෙන් ඉහළ බස් රථ 150ක් එක්කර ලංගම බස් ඇණිය වර්ධනය කරනවා. ඒ සඳහා මිලියන 1500ක් වෙන්කරනවා.
පෞද්ගලිලක බස් රථ ඇණිය සුඛෝපභෝගී බස් රථ 1000ක් ලබාදීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා පොලියෙන් 75%ක් රජය ගෙවනවා. අවුරුද්දක සහන කාලයක් දෙනවා.

03:34 PM ඒකාබද්ධ ආයෝජන ප්‍රවාහන පද්ධතිය ගොඩ නැගිය යුතුයි.
බස් නවීකරණ වැඩසටහනක් ප්‍රමුඛතාව දෙනවා. පෞද්ගලික අංශයේ බස් රථ සේවක බස් අනාගතය දියුණු වී තිබෙනවා.
බස් හිමියන් මාසික ධාවනයට කරන කිලෝ මිටර් ගණන අනුව ගෙවීම්.
පෙරගෙවුම් කාඩ්පත හා ජී.පී.එස්. මගින් බස් රථ පිළිබඳව තොරතුරු ජංගම දුරකතන යොදුමක් නිර්මාණය කරනවා.

03:32 PM 2023 වන විට රජයේ සියලුම ගොඩනැගිලි හා පෞද්ගලික වාණිජ ගොඩනැගිලි විශේෂ අවශතා සඳහා ඇති පුද්ගලයන්ට ගැලපෙන ලෙස නිර්මාන්‍ය කළ  යුතු වෙනවා. 2020දී ඒ සඳහා ගොඩනැගිලි ඉදිකිරීම් අනුමැතිය ලබා ගත යුතු වෙනවා.
පානීය ජල ව්‍යාපෘති සියලු නගර ආවරණය වන අයුරිනි ක්‍රියාත්මක කරනවා. ප්‍රජා ජල අභිමන් වැඩසටහනට රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙනවා.

03:31 PM යාපනය පැරණි නගර සභාව ප්‍රතිසංස්කරණය කිරිමට රුපියල් මිලියන 700ක්.
නුවර දියුණු කිරීමේදී දැනටමත් මිලියන 900ක් වෙන් කර තිබෙනවා.
බෝගම්බර සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා.

03:30 PM ආරුවක්කාලු කසල කළමණාකරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබෙනවා.
කොළඹ ගංවතුර පාලනයට මිලියන 10600ක් වෙන්කර තිබෙනවා.
ප්‍රවාහන තදබදය කලමනාකරණය හා නාගරික පහසුකම් වැඩිකිරිම, පුරාණ ගෙඩනැගිනලි ප්‍රතිසංස්කරණය කරනවා.

03:28 PM අද කොළඹ ආසියාවේ උද්‍යාන නගරය බවට පත්වෙමින් තිබෙනවා.
නාගරික පුනර්ජීවන වැඩසටහනට රුපියල් මිලියන 8000ක් වෙන්කරනවා.
පළාත් 9 ම ආවරණය වන පරිසි සුකිත පුරවර වැඩසටහනට තවත් මිලියන 2000ක්.
බේරේ වැව පිරිසිදු කිරිම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කරනවා.

03:25 PM ක්‍රීඩාව සඳහා දැනටමත් මිලියන 3800ක් වෙන් කර තිබෙනවා.
ක්‍රීඩාවේ යෙදන තරුණ කොටස් දියුණු කිරිමට බර්නාඩ් අලුවිහාර හා කොලොන්නාව ක්‍රීඩාංගණ සංවර්ධනය කිරිමට මිලියන 300ක් වෙන්කරනවා.
03:24 PM නිදන්ගත වකුගඩු රෝගී වෙනුවෙන් අවශ්‍ය පහසුකම් දෙනවා
ජලභීතිකා රෝගය රටින් තුරන් කිරීමට කටයුතු කරනවා.
අයාලේ යන සුනඛ්‍යන් වන්ද්‍ය කරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. අයවැයෙන් බල්ලන්ටත් මුදල් වෙන්කරනවා.

03:22 PM සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 28750ක් වෙන් කර තිබෙනවා. රෝගී සත්කාර කළමනාකරණයට ක්‍රම වේදයක් හදුන්වා දෙනවා. අත්‍යාවශ්‍ය සෙවයක් දෙන සුවසැරිය ගිලන් රථ සෙවයට මිලියන 600කින් මූලික නැවතුම් ස්ථාන 300ක් ගොඩනගනවා

03:16 PM පෙරපාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනයට නෛතික රාමුවක්.පෙරපාසල් ගුරුවන්ගේ සේවා තත්ත්වය ඉහළ නංවනවා.සුදුසුකම් ඇති අයට ණය ලබාදෙනවා. පොලියෙන් 50%ක් රජය ගෙවනවා.
සරසවි පහසුකම්  වෙනුවෙන් 25000ක් ඇතිකරනවා.විශ්වවිද්‍යාල දෙකක වෛද්‍ය පීඨ ඉදිකරනවා.
නවීන පහසුකම් සහිත විද්‍යාගාරයක් ජපුර ඉදිකරනවා.පෞද්ගලික උපාධි වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ණයක් දෙනවා පොලී රහිතව. මුලු ණය ගෙවීමට අවුරුදු 12ක් දෙනවා.


03:13 PM සෑම දරුවෙකු සඳහාම වසර 13ක අධ්‍යාපනය සඳහා වන වැඩසටහනට තවදුරටත් පහසුකම් දෙනවා ඒ සඳහා රුපියල් මිලියන 32000ක් වෙන්කරනවා.පාසල් පාඨමාලා සඳහා තාක්ෂණය යොසා ගැනීමට රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. විෂය මාලා නවිකරණය කරමින් පවතිනවා.

උසස්පෙළ විභාගයේදී සමත්වන දරුවන්නට රජයේ වියදමින් ශිෂ්‍යත්ව අරමුදල් ආරම්භ කරනවා. මේ අරමුදලින් සෑම වසරකින්ම ලංකාවේ හොඳම ප්‍රථිලබ ලබා ගන්නා සිසුන්න ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දෙනවා.2019 අගෝස්තු ප්‍රථිඵල ලබා ගන්නා 14ට මුලින් දෙනවා

03:07 PM සංචාරක කර්මාන්තය දියුණු කිරිමට අවශ්‍ය පහසුකම් දෙනවා. ක්‍රිඩා සංචාරක කර්මාන්තය දියුණු කරනවා. තරුණ සංචාරකයන්ට අවුරුදු 18 අඩු සංචාරකයන් වෙනුවෙන් සංචාරක ප්‍රෙව්ශපත්‍ර ගාස්ත් අඩුකිරීමට යෝජනා කරනවා.දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට පහසුකම් දෙනවා.

03:03 PM තොරතුරු තාක්ෂණ සේවයේ කර්මාන්තයට කලා අංශයේ උපාධිධාරින් යෙදවීම වෙනුවෙන් රුපියල් මිලියන 1300ක් වෙන්කරනවා.
ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනවා. මේ හරහා ආදයම් ලැබීම් වර්ධනය කරනවා.



02:59 PM සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසනවා.

02:58 PM යන්ත්‍ර සූත්‍ර ආයනයදී අය කරන ගුවන් සේවා බද්ද සඳහා අඩු කිරිමට යෝජනා කරයි.
වෙළඳ ගැලපුම් ක්‍රියාවලිය සඳහා රුපියල් මිලයන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

02:51 PM 2019 වසරේදී නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 24000ක් වෙන්කරනවා. උතුරු නැගෙනහිර නිවාස වෙනුවෙන් තවත් මිලියන 5500ක් ලබාදෙනවා. උතුරේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරිම වෙනුවෙන් සම්පත් මුදාහරිනවා.

පළමු වරට නිවාස ලබා ගන්නා මැදිආදායම් ලාභීන්ට රුපියල් මිලියන 10ක් දක්වා අවුරුදු 25ක් දක්වා සියයට 6ක් දක්වා වන අඩු පොලියක් යටතේ ණය ලබාදෙනවා. මෙය අපි දෙන්නේ අලුත බැඳපු යුවළවල් වෙනුවෙන්.

02:49 PM නියමු ව්‍යාපෘතියක් ලෙස ගොවිපොළවල් දෙකක් බන්ධනාගාර දෙපාර්තමෙන්තුවත් සමග එකතු වෙලා පිහිටුවනාව ඒ සඳහා අඹේපුස්ස හා වීරවිල තෝරාගෙන තිබෙනවා.

හිර ගෙදර සිටින කාන්තාවන් වෙනුවෙන් මෙවැනිම නියමු ව්‍යාපෘතියක් දොම්පේ ගම්මානයක් ඇති කිරීමට රුපියල් මිලයන 50ක් වෙන්කර තිබෙනවා.

02:47 PM නිවසේ සිට වැඩ කිරීමට හැකි වන අයුරින් කම්කරු නීති සංශෝධනය කිරීමට මම සහාය ඉල්ලා සිටිනවා. ජාතික වැඩිහිට ලේකම් කාර්යාල ශක්තිමත් කරනවා. වැඩිහිටියන් රැක ගැනිමේ පහසුකම් දියුණු කිරිමට ආයේජන ලබාදීමට පෞද්ගිලික අංශවලට ඉල්ලා සිටිනවා.
විශේෂිත අයට දෙන දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා වැඩිකරනාව. අඩු ආදායම් ලබන අයද ඇතුළත්ව ඒ සඳහා රුපියල් මිලියන 4300ක් වැය කරනවා.
වකුගඩු රෝගීන්ට පොරොත්තු ලේඛණය නැති කිරීමට රුපියල් මිලියන 1840ක් වෙන්කරනවා.

02:42 PM ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය 30%ක් වෙනවා. ළමා හා වැඩිහිටි සුරකීමේ මධ්‍යස්ථාන තුළ පවතින නීති පද්ධතිය හේතුවෙන් දිවා සුරැකුම් මධයස්ථාන ඉදිකිරිම දිරි කරනවා. පාසල් කාලයෙන් පසුව හා නිවාඩු දින වලදී දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරිම දිරිමත් කරනවා.

ප්‍රසුත නිවා ඩු ලබා ගන්නා එක් අයෙකුට 20000ට අඩු වැටුප් සමාගම් බදුවලින් නිදහස් කරනවා. ප්‍රසූත නිවාඩු මාස 4 දක්වා දෙන්නේ නම් අතිරේක මාසය සඳහා වැටුප් ලබාදීම 100%ක් කරනවා.

02:40 PM හම්බන්තොට දිස්ත්‍රික්කයේ  පමණක් ලක්ෂයට අධික ප්‍රමාණයකට වැසිකිළි පහසුකම් නෑ. මොණරාගල අපේ අය දන්නවා අපි දැනටමත් පටන් ගත්තා මොණරාගල විතරක් ටොයිලට් නැති ගෙවල් 25000ක් තිබෙනවා. (සභාවේ ඝෝෂා) අපි එක පැතතික්න මහා මාර්ග හදනවා අධිවේගී මාර්ග හදනවා. මහනුවරටත් හදනවා අපේ ආණ්ඩුව ඉවර වෙන්න කලින් යාපනයට හදනවා.
මේ වසර අවසන් වන විට කිසිම තැනක වැසිකිළි නැති ගෙවල් වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් ඇති කරනවා. ප්‍රධාන බස්නැවතුම් පොළ හා දුම්රිය පොළවල් තුළ නවීන වැසිකිලි හදනවා. පෞද්ගලික අංශයට භාර දෙනව

02:36 PM රටේ සියලු සිසුන් වෙනුවෙන් කිරි වීදුරුවක් නොමිලයේ ලබා දෙනවා.

02:35 PM ශ්‍රී ලංකා ධීවර නිශ්පාදන සඳහා යුරෝපා වෙළඳපොළ විවෘත කිරිමත් යුරෝපා සංගමයට කරන අපනයන 14කින් වැඩි වුණා. මෙයි සැපයුම සීමා වී තිබෙනවා. ධීවර වරායවන් වල වැඩ නිම කිරීමට හා නව ධීවර වරායවල් ඉදිකිරීමට  මිලියන 1300ක් වෙන් කර තිබෙනවා. බහුදින යාත්‍රාවලට ශීතා ගාර ඇතුළු
පහසුකම් වෙනුවෙන් දැරිය යුතු පිරිවැයෙන් 50%ක් රජය දරණවා. රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයෙන් ඉතිරිය ලබාදෙනවා.

02:33 PM පොල් කර්මාන්තය පිළිබඳව බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සළකා බලමින් ලිහිල් කිරීමට කටයුතු කරනවා. පරිසර සුරක්ෂිතතාවය ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා.
කුරුඳු කර්මාන්තට විළුිධ ගැටලු ඇතිව තිබෙනවා. කුරුඳු තලන්න්ගේ හිඟය මග හරා ගැනීම සඳහා රුපියල් මිලියන 75ක් වෙන්කරනවා. යල හා මහ දෙකන්නේ වගාවන් සිදුකිරීම තහවුරු කිරීම සඳහා මොරගහකන්දේ ඇල මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12000ක් වෙන්කර තිබෙනවා.

02:28 PM උසස් තත්ත්වයේ භෝග නිශ්පාදන වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක කරනවා. පසු අස්වනු තාක්ෂණ  වැඩි කිරිමට කටයුතු කරනවා. දේශගුණික පාලන සැපයුම් පහසුකම් ලබාදීමට පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. පිරිසවිය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරනවා.

02:25 PM සියලු අමාත්‍යාංශ වල ප්‍රතිපාදන සඳහා වන ප්‍රසම්පාදන වලින් 10%ක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වෙන් කරනවා. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිශ්පාදන බදු අඩුකරනවා.

02:24 PM ජාතික තරුණ සේවා සභාවේ සහතික පත් ලාභීන්ට එන්ටරප්‍රයිස් ණය යෝජනා ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙනවා. මේ දක්වා රුපියල් මිලියන 60000ක් වෙන්කර තිබෙනවා.
කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලංකා බැංකුව

තුළ ඒකකයක් ස්ථාපිත කිරිමට මිලියන 500ක් වෙන්කරනවා. ණය ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා නම් 1925ට කෝල් එකක් දෙන්න.

02:21 PM ගම්පෙරළියට මිලියන 48000ක් වෙන් කර තිබෙනවා. මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන් කරන ප්‍රතපාදන රුපියල් මිලියන 200 සිට 300 දක්වා වැඩි කර තිබෙනවා. ආගමික මධ්‍යස්ථාන සඳහා වෙන්කර මුදල ලක්ෂ පහේ සිට ලක්ෂ 10 දක්වා වැඩි කර තිබෙනවා.

02:15 PM 2015දී අපට භාර ගැනීමට සිදු‍වුණේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක්. බවත් 2018 අග ඇතිවූ ව්‍යාකූල තාවයන් නිසා රටේ ආර්ථිකය විහාල පසුබෑමකට ලක්වූ බවත් අයවැය හැඳීන්වීම කරමින් මුදල් ඇමතිවරයා කථාව ඇරඹීය.


විස්තර සහිත අයවැය සම්පූර්ණ ලේඛනය PDF කියවන්න මෙතැනින්