https://www.gossiplankanews.com/2019/03/deweni-inima-aruni-mendis-nilu.html#more
 මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ නිලූ නමැති දුෂ්ඨ චරිතයකට පණ පොවන අරුණි මෙන්ඩිස් ඇගේ ටෙලි චරිතයේ පවතින කපටිකම් නපුරුකම් මත සමාජය තේරුම් ගැනිම නිසා පසුගියදා අකරතැබ්බයකට මුහුණ පා තිබේ.
මෙවර සතිඅන්ත පුවත්පතකට ඇය ඒ ගැන මෙසේ හෙළි කර තිබේ.
'මේ දවස්වල මම රඟපාන නිලූ​ගේ චරිතය නිසා මට විඳින්න වුණ අත්දැකීමක්
තමයි මේ. දෙවෙනි ඉනිමෙ ඉන්න චරිතවලට අද රසිකයන් ආදරය කරනවනේ. පහුගිය දවසක මට ඕන වුණා අලුත් නවාතැනක් හොයාගන්න. අන්තර්ජාලයේ පළකරල තිබුණ නිවාස කුලියට දීමේ දැන්වීම් ලැයිස්තුවක් පීරලා මම මට පහසු යැයි හිතෙන තැනක් තෝරගත්තා. එහි තිබුණ දුරකථන අංකයට ඒ මොහොතේම ඇමතුමක් ලබාත්තා. අනිත් පසින් කතාකළේ කාන්තාවක්. මම මා ගැන සම්පූර්ණ හැඳින්වීමක් ඇයට කළේ නැහැ.

නමුත් මම පැවසුවා මම මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් කියලා. ඇය මට කිව්වෙ පහසු වෙලාවක ඇවිත් නිවස බලලා තීරණයක් ගන්න කියලයි.

ඒ දවස්වලම තමයි දෙවෙනි ඉනිමෙ නිලූ අමීෂාගේ ගෙය තමන්ගෙ කරගන්න එයාගෙ සැමියාට කරදර කරමින් හිටියෙ. ඔන්න මට පහසු වෙලාවක් බලලා මම ගියා ඇනෙක්ස් එක බලන්න. නිවෙස හිමි කාන්තාව මාව දැක්ක ගමන්ම 'ආහ්' කිව්වා මට හැඟුණා මාව හඳුනාගත්ත බව.

මම ඒ බවක් නොහඟවා කුලියට දෙන්න තියෙන ඇනෙක්ස් එක බලන්න ඕන බව පැවසුවා. ඇනෙක්ස් එක බැලුවත් නිවෙස් හිමි කාන්තාව මට කිව්වෙ ඔයාට නම් ගේ කුලියට දෙන්න බැහැ කියලයි. මම හිතුවෙ ඒ විහිළුවට කිව්ව දෙයක් කියලා. ඒත් ඇය නැවතත් පැවසුවේ ඒකමයි. මං ඇයි ඇහුවාම 'ඔයාට ගෙවල් කුලියට දුන්නොත් අපේ ගෙවල් දොරවලුත් අයිතිකර ගනියි කියල' මූණටම කිව්වා. මම තවදුරටත් වචනයක්වත් කතා නොකර ආපහු ආවා.

සටහන - සුරංජි පතිරණ