https://www.gossiplankanews.com/2019/03/colombo-posters.html#more
රණ දඬුවම නැවත ඇති කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන අගය කරමින් 'මෛත්‍රී හරි' නමින් මේ වනවිට  කොළඹ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්ව තිබේ. ඒ සමගම මරණ දඬුවමට
විරුද්ධ රාජ්‍ය නොවන සංවිධාන පළ කළා යයි උපකල්පණය කළ හැකි ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ යනුවෙන් දක්වා ඇති පෝස්ටර් ව්‍යාපාරයක්ද දක්නට ලැබේ.(මෙය මෛත්‍රී ප්‍රචාරණ කටයුතු කළ අයම කළාද විය හැකිය)

මෙයට පිළිතුරු ලෙසදෝ තවත් ලේබල් ව්‍යාපාරයක් අරඹා තිබෙන අතර එහිදී සිදු කර තිබෙන්නේ  ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ පෝස්ටර් මත 

‘අනුග්‍රහය කුඩු මුදලාලි සංගමය’ යන ලේබලය ඇළවීමය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රි ප්‍රමුඛ රජය තීරණය කිරීම බොහෝ අයගේ පැසසුමට ලක්ව තිබෙන්නකි.

කෙසේ වෙතත් දැන් ලැබෙන ආරංචි අනුව ඊට දිනයක් තවම නියම කර නැත. මරණ දඩුවම දේශපාලන ප්‍රචාරණයට යොදාගැනීම මෙම පෝස්ටර් තුළින් පෙන්නුම් කර ඇති නිසා බොහෝ අයගේ සැකයට භාජනය වන්නේ මේ කියන මරණ දඩුවම නිශ්චිතවම රටේ ක්‍රියාත්මක වැඩසටහනක් වේද

නැතිනම් ඡන්දයක් කිට්ටුවී කිහිපදෙනෙකු පමණක් මරා එයින් අවසන් වන හුදු ප්‍රචාරණ අංගයක් වේවිද යන්නයි.

මෙය එවැනි ප්‍රචාරණ වැඩසටහනක් පමණක් නම් මරණ දඩුවම තුළින් අපේක්ෂා කරන ඵලය වූ ඒ කෙරෙහි වැරදි කරුවන්ගේ බිය ඇති කළ නොහැකිය.

ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවල් 56 අතරට ලංකාව එක්කිරීම සම්බන්ධ කාරණාව තවමත් විවාදයට තුඩු දුන් සංසිද්ධියක් පමණකි.