Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/03/bone-cutter-nurse-doctor-kurunegala.html
කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක්  තුල  ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් තිබියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමග ශල්‍යකර්මයේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සිටි හෙදියකට  “බෝන් කටර්” නමැති උපකරණයෙන්  සිදුකල පහර දීමක් හේතුවෙන්
එම හෙදියගේ  හිසට තුවාල සිදු වීමෙන්  ඇය එම රෝහලෙහිම ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුණි. පසුව සිද්ධියට විරෝධය පාමින් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඊයේ විරෝධතාවක නිරතවූ අතර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.
එහිදී වෛද්‍යවරයා තමන් සිදු කළ වරද පිළිගෙන හෙදියට

වන්දි වශයෙන් රුපියල් ලක්සයක් ගෙවන්නට කැමැතිවීමෙන් පසු සිද්ධිය සමථයකට පත්ව ඇත.

පෙරේදා (12) සවස සිදුව ඇති මෙම පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ  මාධවී රාජගුරු  නමැති හෙදියක් වන අතර පහර දීම නිසා අැයගේ හිසට සිදුවූ තුවාල සදහා ශල්‍යකර්මයක් සිදු  කල  බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබුණි.

මෙම පහර දීම සිදුව  ඇත්තේ ශල්‍යකර්මය සිදු කෙරෙමින් තිබෙන අතරතුර වෛද්‍යවරයා විසින් මෙම බෝන් කටර් නමැති  උපකරණය භාවිතා කිරීමෙන් පසුව එය රෝගියාගේ ඇද මත තබා එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට හෙදියට දැනුම් දෙද්දී එය පසුවට තබා ඇය උපකරණය රැගෙන තමා අතෙහිවූ බන්දේසිය මත තබා ගැනීම නිසාය. එම ක්‍රියාවට උරණවූ වෛද්‍යවරයා එකී උපකරණම රැගෙන තමාගේ හිසට පහර එල්ල කළ බවත්  සිද්ධියෙන් තුවාල ලැබූ හෙදිය පවසා තිබේ.. 

එම පහරදීම නිසා ඇගේ හිසෙන් රුධිර දහරා රූරා වැටෙන්නට වූ අතර ඇය එවෙලේම රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු විය.

මෙම පහරදීමට විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ  කුරුණෑගල මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය සිය රාජකාරි වලින් බැහැරව විරෝධතාවකයක ද නිරත වූ අතර සිද්ධිය පිළිබඳව කුරුණෑගල මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය වීරබණ්ඩාර මහතා සඳහන් කළේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් අදාළ ශල්‍ය වෛදයවරයාට මානසික රෝගයක් ඇති බවට සැකකරන බවයි.

කෙසේ වෙතත් සවස වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුව මහේස්ත්‍රාත් හමුවට පැමිණවන්නට ප්‍රථම තමා එම කාරණාව වෙනුවෙන් ලක්ෂයක් ගෙවන්නට කැමති බවත් ඒ අනුව සමථයකට පත් කළ හැකිදැයි වෛද්‍යවරයා විමසා ඇත. හෙදියගේ පාර්ශ්වය එයට කැමතිවී සිද්ධිය සමථයකට පත්ව ඇත.
හෙදිය තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.



----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats