https://www.gossiplankanews.com/2019/03/bangladesh-fire-dhaka.html
බංගලාදේශයේ ධකා අගනුවර අද දවල් 12.45 ට පමණ කාර්යාල සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් ශ්‍රී
ලාංකිකයන් ඇතුළු 19 දෙනෙකු මියගොස් තිබෙන බව
විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
එක් ස්ථානයක හමුවූ මළ සිරුරු 13න් වැඩිදෙනා

ශ්‍රී ලාංකිකයින් බවට වාර්තා කර ඇති අතර ඒ කී දෙනෙකුදැයි තවම තහවුරු කර නැත. 70 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මහල් 24 ක කාර්යාල සංකීර්ණයක් වන F.R. Tower නමැති මෙම ගොඩනැගිල්ල එරට ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇත. ගොඩනැගිල්ලෙන් බිමට පැනීම නිසා තිදෙනෙක් මිය ගොස් ඇති බවද වාර්තා විය.

ඔවුන්ගේ හිස පෙදෙස බරපතල තුවාල ලබා ඇති අතර පිලිස්සුම් සලකුණු දක්නට ලැබී ඇත්තේ විදුලි සැර වැදීමෙනි.ගොඩනැගිල්ලේ පර්යන්තයෙන් බිමට වරටෙද්දී විදුලි රැහැන් භාවිතයට ගැනීමට උත්සාහ කරමින් සිටියදී කිහිපදෙනෙකු වැටී ඇති බවටද සාක්ෂි ඇත.
හතලිස් පස් දෙනෙකු පමණ ගොඩනැගිල්ලේ සිරවී ඇති බව වාර්තා කර තිබුණි.