තම නිවස තුළ බාල්කයක, සාරියක් ආධාරයෙන්, ජාත්‍යන්තර කාන්තා දිනය (08) දා අළුයම එල්ලී මිය ගොස් සිටියදී බගවන්තලාව පොලිසිය මගින් සොයා ගනු ලැබූ 18 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය ගෙළ
වැළලාගෙන සිය දිවි හානි කර ගත් බවට දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අයි. එල්. රත්නායක මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

 බගවන්තලාව පොලිස් වසමට අයත් චැම්පියන් වත්තේ, තේ කර්මාන්තශාලා කොටසේ පදිංචිව සිටි මුත්තුමණී ප‍්‍රියවර්ශණී නැමති තරුණිය මෙසේ සිය දිවි හානිකරගෙන තිබිණි.

 මිය ගිය අය බගවන්තලාව, ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිට ඇත. මෙම සිසුවියගේ සිරුර හමුවන අවස්ථාවේ ඇගේ දෙපා වළලූ කර අසලින් රෙදි පටියකින් බැඳ තිබූ නිසා මෙම මරණය සම්බන්ධව පැවති සැකය හේතුවෙන් බගවන්තලාව පොලිසිය ”බී” වාර්තාවක් මගින් හැටන් දිසා හා මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

 අධිකරණ නියෝග මත හදිසි මරණ පරීක්ෂණය නෝර්වූඞ් හදිසි මරණ පරීක්ෂක ආර්. තණලෙච්චුමී මහත්මිය විසින් පවත්වනු ලැබූවාය. මිය ගොස් ඇති පාසල් සිසුවිය ගෙල වැළලාගෙන මිය යෑමට ප‍්‍රථම ඇය විසින්ම ඇගේ දෙපා සල්වාර් ඇඳුමේ, සෝල් පටියෙන් බැඳ ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව බගවන්තලාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව එය සියදිවිනසාගැනීමක් බව තහවුරු විය.

 මිය ගිය අයගේ පියා වන රාමසාමි මුත්තුමණි (48) හා මව වන කරුපයියා මලර්වේලි (43) යන අයවලූන් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දී ඇත.

ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක