ඉන්ෆ්ල්ලුවෙන්සා රෝගීන් 90 දෙනකු පමණ මෙම වසරේ ගත වූ දින 75ක කාලයේදී කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා
පවසයි. රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේද කීවේය.
ඉල්ලුවෙන්සා යැයි සැක කළ හැකි මට්ටමේ රෝගීන් 300ක් පමණ පෙබරවාරී මාසය අවසන් වනවිට අපට හමුවුණා. එම රෝගීන් සියලු දෙනාම රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළා. එකී පරීක්ෂණ වාර්තා අනුව රෝගීන් 73 දෙනකු ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බවට තහවුරු වුණා.

මාර්තු මාසයේදී රෝගීන් 20 දෙනකු පමණ වාර්තා වී තිබෙනවා. බරපතළ තත්වයේ පසුවන කිසිදු රෝගියෙක් මේ වනතෙක් වාර්තා වී නැහැ. කිසිදු ජීවිත හානියක් මේ වසරේ වාර්තා වී නැහැ, සුළු වර්ධනයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. රෝගීන්ගේ දත්ත පිළිබද දෛනිකව අප අවධානයෙන් සිටිනවා. සියලු සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා. ඒ අනුව රෝගීන් සඳහා විධිමත් ප්‍රතිකාර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. කිසිදු විටෙක ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග තත්වයක් තිබේ නම් මුඛ ආවරණ පලඳින ලෙසත්, සෙනඟ ගැවසෙන ස්ථානවල නොයන ලෙසත් රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


-ඕ.කමලනාථ-