විල්පත්තු  රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු
පාර්ශවයන් කිහිපයකට එරෙහිව
නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති රිට් පෙත්සම ජූනි මස 28 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අද දින විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

මන්නාරම , විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ , අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්, වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු පාර්ශවයන් කිහිපයක් මෙම පෙත්සමේ සදහන් කර තිබුණා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න යන අයයි. ඔවුන් දෙදෙනා 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂා කරන බවද පෙත්සමෙන් පවසා සිටියා.