මාසික මිල සූත්‍රය අනුව 12 දින රාත්‍රියේ සිට පෙට්‍රල් මිහා ඩීසල් මිල ඉහළ
දමන බව මුදල් ඇමති මංගල

සමරවීර මාධ්‍ය අමතා දන්වා සිටියේය.
 මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 132 ක් ලෙසයි. මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 159 ක් දක්වා රුපියල් 7 කින් ඉහළ දමා තිබෙනවා.

ඔටෝ  ඩීසල් රුපියලකින් සහ සුපර් ඩීසල් රුපියල් 8 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔටෝ ඩීසල් නව මිල රුපියල් 104 ක් ලෙස සටහන් වන අතර සුපර් ඩීසල් නව මිල රුපියල් 134 කි.
සෑම මසකම 10 වනදා සිදුවන සංශෝධනය මෙවර සිදුවූයේ දින 2 ක් පමාවීමෙන් අයවැය සම්මතයෙන් අනතුරුවය.