https://www.gossiplankanews.com/2019/02/ryan-wan-roven-sohan-perera-arrested.html#more
මාකඳුරේ  මධුෂ් සමග සමග ඩුබායිදී අත්අඩංගුවට පත්ව එරට පොලිස් භාරයේ පසුවන අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා අද පොලිස් අත්අඩංගුවට පත්වූ බවට සවස මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඒ වාර්තා වල පළවූ ආකාරයට තම නිවස පරීක්ෂාවට ලක් කළ මුත් අත්අඩංගුවට පත් නොවූ බව අමල් පෙරේරාගේ සොයුරු සොහාන් දන්වා ඇත.
 ඔවුන් සිටි නිවෙස් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ සැකකටයුතු ද්‍රව්‍ය හමුව තිබීම මත අත්අඩංගුවට පත්වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල 'බ්‍රේකින් නිවුස් ' ලෙස වාර්තා විය.
රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්වූ බවත් එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇතැයි වාර්තා කර තිබුණි.

 ඒවා ගැන පිලිතුරු දෙන්නට අපොහොසත්වූ රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව එහිදී පැවසිණි..

ගායන ශිල්පී අමල් පෙරේරාගේ  මහරගම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු
කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය  සඳහන් කර තිබුණි.

අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වී තිබේ.
ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත.

නිවස පරීක්ෂා කළ බව ඇත්ත නමුත් තමා අත්අඩංගුවට පත් නොවූ බවට සොහාන් පෙරේරා කරන ප්‍රකාශය පහතින්