https://www.gossiplankanews.com/2019/02/makandure-madush-sri-lanka.html#more
ත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කර තිබියදී ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා මෙරටට පැමිණ රත්නපුරේ මැණික් කොල්ලකෑම් හා සොරකම් මෙහෙයවා ඇති බවට
පොළොන්නරුව පොලිසිය පොලිස් මූලස්ථානයට වාර්තාවක් ලබා දී ඇත.

පොළොන්නරුව ලක්ෂ උයනේදී ඉකුත් 20 දා පොලිස් අත්අඩංගුවට ගත් යුගාරි හසන්තිකා හතුරුසිංහ නමැති සැකකාරියකගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් උඩවලව ප්‍රදේශයට පැමිණ ගිය බවද අනාවරණය කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වාර්තාවක් ලැබී ඇත.

මෙම සැකකාරියගේ ස්ථිර ලිපිනය වශයෙන් කඩවත, ගෝනහේන විශේෂ කාර්ය බළකා නිල නිවාසවල ලිපිනයක් සඳහන්වන අතර ඇගේ අනියම් පෙම්වතා ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පලාගිය දිල්ෂාන් රංගන හතුරුසිංහ,

මධුෂ් පැමිණි මොහොතේ ඔහු හමුවීමට ගිය බවත් ප්‍රකාශ කර ඇත.
රංගන නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයෙන් පහ කළ නිලධාරියකු බවත්, තමා සමග සූරියවැව නිවසේ සිටින මොහොතේ මාකඳුරේ මධුෂ් උඩවලව ප්‍රදේශයට පැමිණ තිබෙන බව කියා කිහිප වතාවක්ම එහි ගිය බවත් හෙළි වි ඇත.

මාකඳුරේ මධුෂ්ගේ කීමට මීට වසරකට පෙර පිළියන්දල මාර්ග සංඥා පුවරුවක් අසලදී පියෙකු හා දියණියක් වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදිය පැදවූයේ තම අනියම් සැමියා රංගන බවත්, වෙඩි තැබීම කළේ එස්ටීඑෆ් චාමර නමැති පාතාලයා බවත් ඇය හෙළි කර ඇත. මීට මාස එකහමාරකට පෙර ලංකාවට පැමිණ ඇති බව කියන මාකඳුරේ මධුෂ්, දිල්ශාන් රංගන, චාමර හා නලින් සමග රත්නපුර, කුරුවිට ප්‍රදේශවල මැණික් කොල්ලයන් සිදු කළ බවත් ඇය හෙළිකර ඇත.

මධුෂ් පැමිණි පසුව වරින්වර නිවසට නොපැමිණි රංගන එක්වරම අතුරුදන් වූ පසුව තමන් උඩවලව, සූරියවැව, කතරගම, ඇඹිලිපිටිය ප්‍රදේශවල රංගනගේ ඡායාරූප සහිත අත්පත්‍රිකා මුද්‍රණය කර ඔහුව සොයා දෙන අයට තැගි පිරිනමන බව සඳහන් කර ඒවා බෙදාහළ පසු ඔහු පිළිබඳ සොයා නොබලන ලෙසට තර්ජනය කර දුරකථන ඇමතුම් ලද බව ඇය

ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත. සැකකාරිය වරෙන්තුකාරියක බැවින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක ඒ. ආර්. 195/18 යටතේ ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර අැත.

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර හෝ අත්අඩංගුවට ගත නොහැකිව සිටින මාකඳුරේ මධුෂ් හෙවත් මධුෂ් ලක්ෂිත ඉන්දියාවට පැමිණ බෝට්ටු මගින් කිහිප වතාවක්ම මෙරටට පැමිණ ගිය බව මීට පෙර බුද්ධි අංශ හෙළිකර ගත්තේය. කලින් පැමිණි මොහොතේ දකුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුතෙකු විසින් ඩිෆෙන්ඩර් රථවලින් මධුෂ්ට ආරක්ෂාව සපයා තිබූ බව හෙළි විය.

කොළඹ නගරයේ ඇති, අති සුඛෝපභෝගී තරු හෝටලයක පැවති ප්‍රභූ පවුලක විවාහයකට මාකඳුරේ මධුෂ් පැමිණෙන බවට ලද තොරතුරු මත පසුගිය වසරේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කළද මධුෂ් සොයාගත නොහැකි විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා