https://www.gossiplankanews.com/2019/02/kush-with-iranian-nabbed.html#more
කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද විදේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්
විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය 24 හැවිරිදි ඉරාන ජාතික ගෘහ නිර්මාණ ශිල්පිනියකි. මෙම කාන්තාව ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇය රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක රුපියල් ලක්ෂ  පහක් පමණ වටිනා ග්රැම් 400 ක් බර මෙම ගංජා තොගය

සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වර්ගයේ ගංජා තොගයක් ශ්‍රී ලංකාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද පැවැසෙයි. උතුරු පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පිහිටි හින්දුකූෂ් කදුවැටිය ආශ්‍රිතව වැවෙන මෙම ගංජා විශේෂය 1970 දශකයේ දී  සොයා ගැනීමෙන් අනතුරුව ඒවාට මෙසේ කුෂ් යන නාමය යොදා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

මෙම කාන්තාව ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 668 දරන ගුවන් යානයෙන් ඊයේ (31) අලුයම 1.07 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ඇය එයින් රැගෙන එනු ලැබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ග්‍රෑම් 400ක් බර
මෙම ගංජා තොගය සගවා

ගෙන සිටියදී පොලිස් මන්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් ඒවා සොයාගෙන අත්අඩංගුවට
ගෙන තිබේ. මෙම ගංජා ඉරානයේ ගෘහ ආශ්‍රිතව වගා කෙරෙත්තක් වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ අලෙවි කරන ගංජාවලට වඩා රසයෙන්, සුවදින් සහ මතින් වැඩි දියුණු කර ඇති බව පොලිස් මන්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය, මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණි මුල් අවස්ථාව
මෙය වන අතර, මේ වර්ගයේ ගංජා තොගයක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බවත්, මෙම වර්ගයේ ගංජා සඳහා ශ්‍රී ලාංකිකයන් ඇබ්බැහි වුවහොත් ඔවුන් ඒවායින් මුදවා ගැනීම මහත් අසීරු කාර්යයක් විය හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය .

මෙම කාන්තාව ඊයේ (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර, නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් ත, පොලිස් මත්දුව්‍ය නාශක අංශයේ අධ්‍යහ්. පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතාගේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ පොලිස් මන්ද්‍රව්‍ය නාශක අගය නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.