https://www.gossiplankanews.com/2019/02/galle-face-court-second-murder.html#more
මීට ටික දිනකට පෙර ගෝල්ෆේස් කෝට් කට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගැනුණ ශ්‍රී ලාංකක රියදුරාට අමතරව ඒම නිවසේ සේවය කළ අනෙක් රියදුරාද ඝාතනය වී පෑලියගොඩදී හමුවී ඇතැයි වාර්තාවේ. අතුරුදන් වූ බවට නිවැසියන් පැමිනිලි කරතිබූ මෙම ශ්‍රී ලාංකිකයා අශෝක සිරිවර්ධන නමැත්තෙකි.
පෑලියගොඩ ප්‍රදේශයේදී බල්ලෙකු මිනිස් හිස් කබලක් රැගෙන යන බවට
පොලිසියට ලද තොරතුරකට අනුව එම හිස් කබල සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය පරික්ෂණයක් සිදුකර ඇති බවත්, එහිදී අශෝක සිරිවර්ධන යන අයගේ පුත්‍රයාගේ ඩී එන් ඒ සාඕපල සමග හිස් කබලේ ඩි එන් ඒ සාම්පල සැසදීමක් සිදුකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ හිස් කබල අතුරුදන් වූ බව කියන අශෝක සිරිවර්ධනගේ බවට හඳුනාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය  අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 ඉකුත් දෙසැම්බර් 05 වැනිදා එම විදේශීය යුවළ යටතේ සේවය කරමින් සිටී ශ්‍රී ලාංකික රියැදුරකු වූ මොරටුවේ පදිංචි අශෝක සිරිවර්ධන  මහතා අතුරුදන්ව ඇතැයි කිරුළපන පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.


මෙම කරුණු අනාවරණය වූයේ මීට ටික දිනකට පෙර ගෝල්ෆේස් කෝට් කට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අබිරහස් ලෙස ඝානනය කර තිබියදී සොයාගැනුණ ශ්‍රී ලාංකික රියැදුරකු වූ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (49) යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙහෙයවීම ඊයේ (06) අධිකරණය හමුවේ සිදුවූ අවස්ථාවේදීය.

 මෙම මරණයට පත් ශ්‍රී ලාංකික රියැදුරන් දෙදෙනාම සේවය කර තිබුණේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයකු එංගලන්ත ජාතිකයා සහ ඔහුගේ හැට හැවිරිදි තායිලන්ත ජාතික බිරිඳ යටතේ බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.


 මෙම මරණයට අදාළ මරණ පරික්‍ෂණය සඳහා විදේශීය යුවළ මෙන්ම එම තට්ටු නිවාසයේ සෝපාන ක්‍රියාකරුවෙක් සහ කම්කරුවෙක් ද. ඊයේ (06) අධිකරණය හමුවේදී සාක්ෂි ලබා දෙනු ලැබුහ. එමෙන්ම තවත් එක් සෝපාන ක්‍රියාකරුවකු ඊයේ (06) අධිකරණය හමුවේ සාක්ෂි ලක්ඛාදීම සඳහා පැමිණ නොසිටි බැවින් ඊළඟ දිනයේදී එම සාක්ෂිකරු කැඳවන ලෙසට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

 මෙම සිද්ධියේ පැමිණිලිකරුවන් වූ විදේශීය යුවළ සිය ව්‍යාපාර කටයුතු සඳහා විදෙස් ගතවීමට ඊයේ (06) අධිකරණයෙන් අවසර ඉලු අතර. දැඩි කොන්දේසි සහිතව ලබන 8 වැනිදා සිට මාර්තු 01
වැනිදා දක්වා විදේශ ගත වීමට අධිකරණය අවසර ලබා දෙනු ලැබීය.

මෙම යුවළ සතු මෙරට බැංකු ගිණුමක ඇති මුදල් රුපියල් මිලියන 6.5ක මුදල ඔවුන් මෙරටට පැමිණෙන තෙක් අහිටුවීමත්, ඔවුන් විදේශයේදී රැදී සිටින හෝටලයේ ලිපින සහ ඔවුන්ගේ දුරකතන ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසත් අධිකරණය කොන්දේසි පැනවීය.  එමෙන්ම මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවට
කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන හොත් වහාම ලංකාවට පැමිණෙන ලෙසටද මෙහිදී  අධිකරණය දැනුම් දුන්නේය.

මෙම විදේශීය යුවළගේ රියැදුරු ලෙස සේවය කළ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (40) නමැත්තා අබිරහස් ලෙස මියගොස් සිටියදී කොල්ලුපිටිය පොලිසිය සොයා ගනු ලැබුවේ ඉකුත් 19 වැනිදාය. මෙම රියැදුරා එම නිවසේ යාබද කාමරයක පුටුවක ගැටගසා මුහුණට කොටයක් හිරකර එයට ගිනි තබා ඝාතනය කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබ තිබුණේ විදේශීය යුවළ කරන ලද පැමිණිල්ලකට අනුවය.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්ෂි විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.

(නිමන්ති රණසිංහ)