Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/02/feb-12-morning-updates-madush-arrest.html#more
සුගිය සතියේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් විවිධ නිල හා නිල නොවන ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබේ.ඒ නිසා ඒ ගැන නිවැරදි තොරතුරු සොයායාමේ වෑයමක අපි නිරතවෙමු.
මේ සමග පළවන්නේ ඒ පිළිබඳ අප කළ විමර්ශනය හා දැනට වාර්තාවන අලුත්ම ආරංචි එකතුවකි.

පෙබරවාරි 12 පෙරවරු 8.30
මධුෂ්ට එරෙහිව ලංකාවේ මත්ද්‍රව්‍ය නඩු නෑ
මාකඳුරේ මධුෂ්ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක්
මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග දන්වා තිබේ.
ඔහු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් නැතිවීම ඒ අනුව විස්මයට කරුණකි.  මිනීමැරුම් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය සහ බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයං ඇතුළු හය දෙනකු ඝාතනය ට පිරිස යෙදවීම සම්බන්ධයෙනි.


නදීමාල් නිදහස් කළ කතාව බොරුවක්
අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ඔහු ඇතුළු 31 දෙනෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇතැයි ද ඩුබායි තහවුරු කළ වාර්තා මේ වනවිට නිකුත්ව ඇත.

අමල් හා නදීමාල් වෙනුවෙන් නීතීඥවරු අද ඩුබායි පොලිසියේ
අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවදුරටත් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින එම දෙදෙන වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරුන් අද 12 උදෑසන ඩුබායි පොලිසියේ නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවී කරුණු දැක්වීමට නියමිත බවත්, ඒ සඳහා එම නිලධාරියා කාලය වෙන්කරගෙන ඇති බවත් වාර්තා වෙයි.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඇටෝර්නි බලපත්‍ර සහ ප්‍රොක්සි අත්සන් කරගෙන එය ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ඇති බවත්, ඒ අනුව තමාට සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතාට ගායකයන් දෙපළ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ඇති බවත් නීතීඥ උදුල් පේමරත්න මහතා පවසා තිබේ.


අධිකරණයට පිරිස දැන්ම ඉදිරිපත් කරන කතා බොරු
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිස් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන්ව පවතී.

ලංකාවේ ඉල්ලිම වෙනුවෙන් කන්දීමක් තවම නෑ
ඩුබායිදී අත්අඩංගුවට ගෙන තිබෙන පිරිස ලංකාවේ පාතාලයින් බවට නම් කර ඒ වෙනුනේ නීතිමය කරුණු සලකා බැලීමක් තවම සිදුව නැති බවද වාර්තා පළව තිබේ.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මනසට හා හැඟීම්වලට බලපෑම් කළ හැකි ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එතැන සිටින කිහිප දෙනකුට චෝදනා එල්ල වනු ඇති බවත් ඒ අනුව ඒරටේ නිතිය අනුව නඩු පැවරෙන ඇති බවත් කියැවේ.












Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats