https://www.gossiplankanews.com/2019/02/59-mp-list-parliament-chaos.html#more
සුගිය වසරේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු  පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීමෙන් කුපිතවූ මන්ත්‍රීවරුන් විසින් නොවැ 14.15 හා 16 දිනවල ඇති කරවූ කලහකාරී තත්වයන් ගැන පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන්ව තිබේ. සභා ගැබෙහි දේපළ වලට හානි සිදුකරමින්
පොලිස්‌ නිලධාරීන්ට හා අන් අයට මිරිස්‌ කුඩු සහ පොත්පත්වලින් දමා ගසමින් කළහකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස්‌ නව දෙනෙකුගේ නම් සහිත වාර්තාව කතානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (22) සභාගත කළේය.මෙම වාර්තාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට එජාපයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට  සහ ජවිපෙ එක්‌ මන්ත්‍රීවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

ඒ අනුව එම චූදිතයින් පහත පරිදිය.
-----------------

ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ( චෝදනා 16 )
ප්‍රසන්න රණවීර ( චෝදනා 12 )
විමල් වීරවංශ ( චෝදනා 10 )
ඉන්දික අනුරුද්ධ ( චෝදනා 9 )
ප්‍රියංකර ජයරත්න ( චෝදනා 9 )
පද්ම උදයශාන්ත ( චෝදනා 9 )
ආනන්ද අලුත්ගමගේ ( චෝදනා 9 )
එස්‌. එම්. චන්ද්‍රසේන ( චෝදනා 8 )
මහින්දානන්ද අලුත්ගමගේ ( චෝදනා 7 )
සිසිර ජයකොඩි ( චෝදනා 6 )
සනත් නිශාන්ත ( චෝදනා 5 )
කනක හේරත්  ( චෝදනා 5 )
පවිත්‍රා වන්නිආරච්චි ( චෝදනා 5 )
රංජිත් සොයිසා  ( චෝදනා 5 )
ජයන්ත සමරසිංහ ( චෝදනා 5 )
අනුරාධ ජයරත්න ( චෝදනා 5 )
ඩිලාන් පෙරේරා ( චෝදනා 4 )
ඩී. වී. චානක ( චෝදනා 4 )
නිරෝෂන් ප්‍රේමරත්න ( චෝදනා 4 )
කාංචන විඡේසේකර ( චෝදනා 4 )
වාසුදේව නානායක්‌කාර ( චෝදනා 4 )
නිශාන්ත මුතුහෙට්‌ටිගම ( චෝදනා 3 )
විමලවීර දිසානායක ( චෝදනා 3 )
භාරතී දුෂ්මන්ත  ( චෝදනා 3 )
රෝහිත අබේගුණවර්ධන  ( චෝදනා 3 )
ජනක වක්‌කුඹුර  ( චෝදනා 3 )
පියල් නිශාන්ත  ( චෝදනා 3 )
එස්‌. බී. දිසානායක   ( චෝදනා 2 )
දිනේෂ් ගුණවර්ධන  ( චෝදනා 2 )
තිලංග සුමතිපාල ( චෝදනා 2 )
දිලුම් අමුණුගමට ( චෝදනා 2 )
පාලිත තෙවරප්පෙරුම ( චෝදනා 2 )
අරුන්දික ප්‍රනාන්දු ( චෝදනා 2 )
ඩලස්‌ අලහප්පේරුම ( චෝදනා 2 )
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ( චෝදනා 2 )
ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ( චෝදනා 2 )
 වෛද්‍ය රමේෂ් පතිරණ ( චෝදනා 2 )
විජිත බේරුගොඩ ( චෝදනා 2 )
මොහාන් ප්‍රියදර්ශන ( චෝදනා 2 )
ලොහාන් රත්වත්ත ( චෝදනා 1 )
විජිත හේරත් ( චෝදනා 1 )
චන්දිම ගමගේ ( චෝදනා 1 )
රන්ජන් රාමනායක ( චෝදනා 1 )
සුසන්ත පුංචිනිලමේ ( චෝදනා 1 )

ශෙහාන් සේමසිංහ ( චෝදනා 1 )
තේනුක විදානගම ( චෝදනා 1 )
උදය ගම්මන්පිල ( චෝදනා 1 )
තාරානාත් බස්‌නායක ( චෝදනා 1 )
නිමල් ලන්සා ( චෝදනා 1 )
රොෂාන් රණසිංහ ( චෝදනා 1 )
සී. බී. රතනායක ( චෝදනා 1 )
ටී. බී. ඒකනායක ( චෝදනා 1 )
ලක්‍ෂමන් යාපා අබේවර්ධන ( චෝදනා 1 )
තාරක බාලසූරිය ( චෝදනා 1 )
ලක්‍ෂමන් වසන්ත ( චෝදනා 1 )
ආචාර්ය බන්දුල ගුණවර්ධන ( චෝදනා 1 )
සාලින්ද දිසානායක ( චෝදනා 1 )
ප්‍රේමලාල් ජයසේකර ( චෝදනා 1 )
 ඩුලිප් විඡේසේකර ( චෝදනා 1 )


මේ මන්ත්‍රීවරුන් අතුරින් පොලිස්‌ නිළධාරීන්ට මිරිස්‌ කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව රාජ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පවරන බවත් සභා ගැබෙහි දේපළවලට හානි කිරීම මුලසුනට අවනත නොවීම වැනි චෝදනාවන්ට ලක්‌ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ දඬුවම් කරන බවත් කථානායක වරයා දැනුම් දී තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට සෑම පක්‍ෂයක්‌ම නියෝජනය වන පරිදි සාමාජික මන්ත්‍රීවරුන් පත් කෙරිණි. එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කමිටුවට පත් කළ චමල් රාජපක්‍ෂ සහ චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා කමිටුවේ කටයුතුවලට සහභාගි වූයේ නැත.