Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/01/wimal-book-neththa-wenuwata-eththa-court-case.html
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛන භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.
ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක්
ජනතා විමුක්ති පෙරමුණට

ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats