https://www.gossiplankanews.com/2019/01/wimal-apeal-and-more.html#more
කොළඹ වාණිජ මහාධිකරණය විසින් 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට ලබාදුන් තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ලේඛනගත නීතිඥ කපිල ගමගේ පවසා තිබෙන අතර
බුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ  විසින් ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල්
කෝටියක  වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයිස්තුව  අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා සදහන් කර තිබේ.

විමල්ගේ නීතිඥ කපිල ගමගේ පැවැසුවේ, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිල්ලේ ආයාචනය පරිදි ඉල්ලා ඇති සහන ලබා දිය යුතු බව යැයිද, මෙතෙක් නඩු තීන්දුවේ පිටපතක් ලබාගෙන නොමැති හෙයින් වන්දි මුදල පිළිබඳ තමාට නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත්ය. මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල

මහතාද පැවැසුවේ මෙතෙක් එම නඩු තීන්දුවේ පිටපතක් තමා අතට පත් නොවූ බවය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලිපි ලේඛන පදනම් කරගෙන විමල් වීරවංශ  විසින් ප්‍රකාශයට පත්කළ "නැත්ත වෙනුවට ඇත්ත'' කෘතියට එරෙහිව පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ අධිකරණයේ නඩු පැවරීම පිළිබඳ අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා,
බුද්ධිමය දේපොළ පනතට අනුව එය ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ලියන ලද ලිපි කිහිපයක් පක්ෂයේ මධ්‍යම කාරකසභාව තුළ පමණක් සාකච්ඡා  වූ බවත් පැවසීය.
 එම ලිපි සොරාගෙන, පොතක් මුද්‍රණය කර, එය විකුණා, ලාභයක් ලබාගෙන තිබෙන බවත්, එම කටයුතු බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීමක් ලෙස අධිකරණය තීන්දු කර තිබෙන බවත් නීතිඥවරයා පවසා සිටියේය.  මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දි මුදලක් ලබාදිය යුතු බවට අධිකරණය තීන්දු කර තිබෙන බවත්, එම මුදල් ගෙවීමට කටයුතු නොකළොත් නීතිමය ප්‍රතිපාදන යටතේ විමල් වීරවංශගේ දේපොළ ලැයිස්තුවක් අධිකරණයට ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.


-හර්ෂනී අර්සකුලරත්න- එච්.අයි. තුෂාර