https://www.gossiplankanews.com/2019/01/ragama-wife-murdered-husband.html
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සේවයේ නීයුතු හෙදියක එම රෝහල් චැනල් සේවයේ නිරතව සිටි මහාචාර්යවරයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියමින් එම හෙදියගේ සැමියා පිහියකින් ඇන ඇය ඝාතනය කිරීමේ සිද්ධියක් රාගමින් වාර්තා විය.
සැකකරු රාගම පොලිස් ස්ථානය වෙත පසුගිය 23 සවස පැමිණ බාරවීමෙන් පසු
මේ ගැන පොලිසිය දැනුවත්ව ඇති අතර එම අවස්ථාවේ ඔහුව  අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පෞද්ගලික රක්ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු බවද වාර්තා විය.
මෙසේ ඝාතනයවී රාගම පොලිස් වසමට අයත් ගම්මුල්ල පාරේ පදිංචිව සිටි ලේල්වල ගමගේ චන්ද්‍රිකා වසන්ති (35) නමැති දෙදරු මවකි.

කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක සේවය කරන මෙම හෙදිය එම රෝහලේ පෞද්ගලික වෛද්‍ය සේවයේ නියුතු මහාචාර්යවරයකු සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
සැකකාර සැමියාටද ඒ ගැන සැලවී ඇති අතර ඔහු මෙම අනියම් සම්බන්ධතාවය නවතා දමන ලෙස අවස්ථා ගණනාවකදීම බිරියට අවවාද කර තිබේ. නමුත් ඇය සැමියාගේ අවවාද නොතකා මෙම අනියම් සම්බන්ධතාවය දිගටම හොර රහසේ පවත්වාගෙන ගොස් ඇති අතර සැමියාට පවසා ඇත්තේ එය දැන් නැති බවයි.

මේ අතරවාරයේ සිය බිරිය මහාචාර්යවරයා සමග ලැගුම්හලක ගත කරන බවට සැමියාට කිසිවකු දුරකථන ඇමතුමක් මගින් ඔත්තු සපයා ඇති නමුත් ඔහු එම අවස්තාවේ සිටි දුර අනුව අතටම අල්ලාගැනීමට හැකියාවක් තිබී නැත.
කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු මේ දක්වා බිරිය තමන් නොමග යැවූ බව සැමියාට තේරුම්යාමෛන් පසු කෝපයට පත්වූ සැමියා බිරීය එදින සවස නිවසට පැමිණි අවස්ථාවේ මේ ගැන විමසා ඇතැයි පැවසේ. මේ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී පසුව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුවී ඇත.
මෙම සැමියා පොලිසියට බාරවී ඇත්තේ මෙයින් පසුවය. ඝාතනයට ලක්වූ හෙදියගේ සිරුරේ පිහි ඇනුම් තුවාල දෙකක් හඳුනාගෙන තිබේ. ඇයව නිවස අසළ පාරේදී මරාදැමූ සැමියා ඇය එතැන සිටියදී පොලිසි ඇවිත් තිබේ.

ගණේමුල්ල පාරේ ස්ථානයක කාන්තාවක ලේ ගලන තුවාල සහිතව වැටී සිටින බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංකයෙන් රාගම පොලිසියට දැනුම්දී තිබීමෙන් පසු
රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්  කණ්ඩායමක් වහාම එම ස්ථානය සොයාගෙන ගොස් ලේ ගලන තුවාල සහිතව සිහිසුන්ව සිටි කාන්තාව රාගම ශික්ෂණ රෝහලට ගෙනගොස් තිබේ. මෙම වෛද්‍යවරුන් ඇය පරික්ෂාකර බලා මියගොස් ඇති බව දැනුම්දී ඇත.
අත්අඩංගුවට පත්වූ සැමියා අදිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.