කළුතර පලාතොට "ඉසුරු උයනේ" පදිංචිව සිටි ෂෙහාන් දසුන් පෙරේරා 2017 වසරේ අපොස උසස්‌ පෙළ
විභාගයට පෙනී සිටි අතර

එහි ප්‍රතිඵල නිකුත් වන්නට පෙර හදිසි හෘදයාබාධයකින් ඔහු මියගියේ 2017 සැප්තැම්බර් 25 වැනිදාය.

ප්‍රතිඵල පැමිණි පසු ඔහු  A සාමාර්ථ තුනක් ලබාගනිමින් උසස්‌ පෙළ විභාගය ඉහළින්ම සමත්ව ඇති බව දැනගන්න ලැබිණි.

කළුතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු උසස්‌ අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.

ඔහුට පිං පැමිණවීම පිණිස ඔහුගේ මාපියන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්‌ ඊයේ (01 දා) කළුතර බෝධීන් වහන්සේ අබියස සංවිධානය කර තිබුණි.

-විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ-