අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වමින් මග දෙපස මළ මුත්‍ර කරන්නන්ට විරුද්ධව නීතිය මේ
වසරේ සිට දැඩිව ක්‍රියාත්මක
කරන බව අධිවේගී මාර්ගය සංචාරක කොට්ඨාසයයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රස්කර මහතා ඊයේ පැවැසීය.  අධිවේගි මාරිගයන්හි තැන තැන වාහන නවත්වමින් මළ මුත්‍රා කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින තත්වයක්  පෙනෙන්නට තිබෙන හෙයින් මෙම තීරණය ගත් බව කී  ස්ථානාධිපතිවරයා මෙම තත්වය දිගටම පැවතුණහොත් අධිවේගී මාර්ගය දුගඳ හමන නරකාදියක් බවට පත්විය හැකි බවද ප්‍රකාශ කළේය.

 අධිවේගී මාරිගයන්හි මුත්‍රා කළ හත් දෙනෙකු ගිය වසරේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි ද චන්ද්‍රස්කර මහතා සඳහන් කළේය.

මේ අතර අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන  නවත්වා සෙල්ෆි ඡායාරූප ගන්නා සහ වෙනත් නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සඳහා  ද මේ වසරේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කරන බව අධිවේගී මාර්ග පොලිස් සංචාරක කොට්ඨාසය  පවසයි.

-සුජිත් හේවාපුලිගේ-