https://www.gossiplankanews.com/2019/01/gov-salary-hike.html#more
මෙම මස සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව
මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

එම අමාත්‍යංශය පවසන්නේ රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවයි.

2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කරනු ලැබුවා.

එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 – 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කිරීමට නියමිතයි.
එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 – 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.