පසුගිය ඔක්තෝබර් 28 වැනිදා දෙමටගොඩ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ හටගත්
නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී දීගනගේ කුලතිස්ස කොළඹ අපරාධ කොට්ඨාශය විසින්  අත්අඩංගුවට
ගෙන තිබේ‍.
ඔහු අද අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
අර්ජුණ රණතුංග මහතා සහ ආරක්ෂකයන් පිරිසක් ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසු එම ස්ථානයට පැමිණි පිරිසක් කළහකාරීව හැසීරි තිබිණි.
මෙම නාගරික මන්ත්‍රීවරයා මුලින්ම එහි පැමින ආන්ඩු මාරුවක් වුනාම ඇයි වැඩට ආවෙ කියිමන් ගැටලුව ආරම්භ කර තිබුණ අතර පසුව පැමිනි තවත් සේවක පිරිස් සමග අර්ජුන ඇතුලු පිරිස කලහ කරගැනීමෙන් පසු වෙඩි පත්තුවී පුද්ගලයින් 2 නෙකු ජීවිතක්ෂයට පත්විය.