නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වළක ස්නානය කරමින්
සිටි බ්‍රිතාන්‍ය කළු ජාතික විදේශිකයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.  මෙසේ මියගොස් ඇත්තේ ඕඩිපුපෝ ඉසයිපෙමි ඔසුන්නිය (OLDIPUPO EYIPEMITSHUNNIYA) නමැති 29

හැවිරිදි බ්‍රිතාන්‍ය කළු ජාතික අවිවාහක තරුණයෙකි.
මියගිය විදේශික තරුණයා ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් කිහිපදෙනකු සමඟ නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කන්ද පාමුල පිහිටි ටෙබර්ටන් වත්තේ පිහිටි සචාරක ලැගුම්හලකට පැමිණ නවාතැන් ගෙන ඇත.

 01දා දින මියගිය විදේශිකයා ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් සමඟ පස්වරු 2ට පමණ ලක්ෂපාන දිය ඇල්ල පාමුල ගැඹුරු වළේ ස්නානය කරමින් සිටි අවස්ථාවේ ඔහු එකවරම එම වළේ අතුරුදන් වී ඇත. පසුව එම තරුණයාගේ මිතුරන්, ප්‍රදේශවාසීන් සහ නෝටන්බුළු පොලිසිය දිය වළේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගෙන ඇත. මෙම මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ තැත්පත් කර ඇති අතර නෝටන්බ්‍රිජ් පොලිසිය. පරීක්ෂණ පවත්වයි.