https://www.gossiplankanews.com/2019/01/balangoda-dog-abuse.html#more
ලංගොඩ ප්‍රදේශයේ  පුද්ගලයකු  සුරතල් බැල්ලකට ලිංගික හිංසනයක් සිදු කිරීමේ සිද්ධියක් හා ඒ නිසා බැල්ල මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වාර්තා විය.මෙම හිංසනය සිදු කළ බවට සැක කෙරෙන
බළන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
13 දින රාත්‍රියේ සැකකරුගේ නිවසට යාබඳව සුරතලයට ඇති කරන ලද මෙම බැල්ලිය සැකකරුගේ නිවසට ගෙන ගොස් එම ලිංගික ක්‍රියාව සිදු කිරීමත් සමඟ බැල්ලියගේ කෑ

ගැසීම හිමිකාරියගේ නිවසට ඇසී තිබේ.
පසුව හිමිකාරියගේ පුතා සැකකරුගේ නිවසට යන විට මෙම බැල්ලිය සමඟ සිටින ආකාරය දැක සැකකරු තල්ලූකර දමා බැල්ලිය නිවසට ගෙන පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාමට සූදානම් වුවත් බැල්ලිය මිය ගොස් තිබිණි.

මිය ගිය බැල්ලගේ අයිතිකාරිය වන බළන්ගොඩ මස්සැන පදිංචි පී.එම්. සුජීවා මහත්මිය මෙසේ කීවාය.
මේ බැල්ලියගේ වයස මාස තුනක් හතරක් වෙනවා. නම බ්ලැකී. කළු පාටයි. ගෙදර හැමෝම මේ බැල්ලිට ආදරෙයි. පෙරේදා (13දා) රෑ අසල්වාසියකු පැමිණ කීවා පුද්ගලයෙක් බැල්ලියට කරදර කරනවා දැක්කා කියලා. ඒ අනුව ඔහුට පහර දීලා බැල්ලිය රැගෙන ආවා.
බේරා ගන්න ගිය වෙලාවේ ඒ පුතාගේ අත බැල්ලිය හපා කාලා තිබුණා. කොහොම වුණත් ලේ පෙරාගෙන ආපු බැල්ලිය ටිකක් වේලාවක් යනකොට මැරුණා. අපි මේ පිළිබඳ 119 පොලිස් ඇමැතුම් අංකයට දැනුම් දුන්නා. ‘

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ පශු වෛද්‍ය කාර්යාලය මඟින් පැවැත්වීමට නියමිතව තිබිණි.. සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට පත්
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටියේය.
 ඊයේ (14දා) බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු 50 හැවිරිදි සැකකරු ඊමාන්ඩ් ගත කෙරිණි. සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වාර්තාවක් ඉදිරී නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.