Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වූ 23 හැවිරිදි හිමිනමගේ අපවත් වීම සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් දේහයේ
ඇතැම් කොටස් වැඩිදුර පරීක්ෂණයට ලක්කළ යුතු හෙයින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එම පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) රාගම මහ රෝහලේදී පවත්වනු ලැබීය. එසේ අපවත් වී ඇත්තේ බියගම කොට්ටුන්න සිරි දේමිත්ත යෝගාශ්‍රමයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල පිහිඹිය උස්ටාව ශ්‍රී සිද්ධාර්ථාරාමවාසී සඳුන්පුර ඥානානන්ද හිමියෝ (23) වෙති.

අපවත්වූ හිමිනම එම යෝගාශ්‍රමයේ වැඩවසන හිමිනමකගේ මිත්‍රකම මත පසුගිය 21 වැනිදා එම යෝගාශ්‍රමයට වැඩම කොට තාවකාලිකව ලැගුම් ගෙන ඇත. එහිදී මේ හිමිනම අපවත් වූ දිනට පෙර දිනයේ (08දා) හිසකෙස් වැඩීම පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ද ගෙන්වාගෙන තිබූ බව කියති. ඒ හිමිනමගේ යහන අසල එම රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක්ද තිබී ඇත. මේ අපවත් වීම සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත අපවත් වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබේ.

-බියගම කේ. දුමින්ද-



----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats