https://www.gossiplankanews.com/2019/01/07-dog-gampaha-station.html#more
සුනඛයින්ටත් අතවර කරන මිනිසුන් ගැන අප්‍රියජනක පුවත් ලංකාවේ වාර්තාවන යුගයක අනතුරකට පත් සුනඛයෙකුට පිහිට වූ විදේශ යුවළක් ගැන අනුවේදනීය පුවතක් ඊයේ ගම්පහින් වාර්තා විය.
 නෙදර්ලන්තයේ  සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති
ජෝයි සහ ෂර්ලි නමැති මෙම යුවල කටුනායක ගුවන් තොටුපලේ සිට ගම්පහ දුම්රිය ස්ථානය වෙත ඊයේ (15) පැමිණ ඇත්තේ උදෑසන 9.30ට පිටත්වන දුම්රියන් මහනුවර බලා යෑමටය.
ඔවුන් එසේ පැමිණි අවස්ථාවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටියදී අනතුරට පත් සුනඛයෙකු දැක තිබේ.අනතුරකට පත් එක් පාදයක් තුවාලව සිටි සුනඛයා  දැක ඇති ඔවුන් ඌට අනුකම්පා කර සත්වයන්ට ප්‍රතිකාර ලබාදෙන ස්ථානයක් ගැන සොයා බලා ඇමතුමක්  ලබාදී පිහිට පතා තිබේ.

සුනඛයා රැගෙන යෑමට උදව් කරන ලෙස ඉල්ලා තිබුණත් උදේ 9.30 දුම්රිය වේලාවද

පමාවන තුරුත් කිසිවෙකු පැමිණ නැත. ඇනතුරුව තවත් පැය ගණනාවක් සිටියත් අපේක්ෂා කළ පිහිට ලැබී නැති අතර පස්වරු 4.00 පමණ වනතුරු කිසිවෙකු නොපැමිනි අවස්ථාවේ මෙම සිද්දිය ගැන සැලවූ  ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු එම දුම්රිය ස්ථානයට ගොස් තොරතුරු විමසා ඔවුන්ට උදව් කර තිබේ.

සත්ව මධ්‍යස්ථානය අමතා කඩිනමින් එහි පැමිණෙන ලෙස ඔහු නැවත ඉල්ලා තිබේ.  මෙම විදේශිකයන් දෙදෙනා දිවා ආහාරය පවා නොගෙන මෙම කටයුත්තට අවධානය යොමු කරමින් සිටීම බොහෝ අයට මවිතයට හේතුවක් විය.
පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් රැඳී සිටීමෙන් පසු සවස 5 ට කිට්ටුව සුනඛයාට ප්‍රතිකාර ලබාදීමට කතා කළ අය පැමිණ තිබේ.

නාන්නාඳුනන රටක නන්නාඳුනන සුනඛයා වෙනුවෙන් කැපවූ මෙම යුවළ මෙම ප්‍රතිකාරය සඳහා වියදමද  දරා තිබේ.
අවසාන මොහොතේ උදව් කිරීම ගැන විදේශික යුවල පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදියාට ස්තුතිය පුද කර තිබේ. එම අවස්තාවේ ඔවුන් දෙදෙනා කියා ඇත්තේ තමන් දැඩිසේ සතුන්ට කරුණාව දයාව දක්වන දෙදෙනෙකු බවයි.
 තොරතුරු-තිලකරන්න දිසානායක-