https://www.gossiplankanews.com/2018/12/wishwa-hasini-fake-wedding.html
මේ දිනවල අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධියක් සහිතව ප්‍රචාරය වූ නිරූපණ ක්ෂෙත්‍රයේ දෙදෙනෙකුගේ විවාහ උත්සවයක් ලෙස හඳුන්වා පැවැත්වූ උත්සවය ප්‍රචාරාත්මක අරමුණකින් සිදු කරන ලද රඟපෑමක් බව මේ වනවිට වාර්තාවේ.
මෙම විවාහය සිදුකරගත් බව කියැවෙන හෂිනි සැමුවෙල් නමැති නිරූපිකාව මින් ටික දිනකට පෙර නිරුවත් වීඩියෝවක් පිටවීම නිසා
වැඩිදෙනෙකුගේ අවධානයකට ලක්වූ තැනැත්තියක වන අතර ඇය එම වීඩියෝවේ පෙනී සිටියේ  ද්‍රවිඩ ජාතික නිරූපණ ශිල්පීන්ගේ සංවිධායකයෙකු සමගය. ඔහු සමග වැඩ කරන තවත් නිරූපණ ශිල්පියෙකු වන විශ්ව සමග ඇය විවාහ උත්සවයක් පවත්වන්නේ පෙර කී වීඩියෝ පිටවීමේ සිදුවීමෙන් මාසයක්වත් යන්නට මත්තෙන්ය.


මෙම උත්සවය මගින් ඇයට ඇතිවූ කැලල වසාගන්නට ඔහුගේ වියදමින් කළ උත්සාහයක් බවට එක් ආරංචියක් පවතී.එසේම මෙම කතාව මියුසික් වීඩියෝවකට අවශ්‍ය වූ කොටසක් බවටද අනෙක් ආරංචියයි.

කෙසේ වෙතත් මෙම විවාහ මංගල උත්සවය නිමවෙන්නටත් පෙර එය අවසන්වූ බව ඔවුන් විසින්ම ප්‍රචාරය කර තිබෙන අතර පසුගිය කාලයේ අසභ්‍ය මියුසික් වීඩියෝවක් පිටකර අවධානයට ලක්වූ ෆිල්ටී නමැති ගායකයා මෙම මනාලිය සමග මංගල දිනයේ එකට සිට අසුවූ බවට මනාලයා වූ විශ්ව දන්වා සිටියේ යයි ඔහුගේ ස්මාර්ට් දුරකථනයේ ස්ක්‍රීන් ෂොට් කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් වාර්තා පළ කර තිබේ.
මෙම මංගල උත්සවය
ගිවිසගැනීමක් ලෙස නම් කර තිබූ නමුත් එහි නීතිමය වශයෙන් ගිවිසගැනීමේ අවස්ථාවක් දක්නට ලැබුනේ නැත. වැඩිහිටියන් ලෙස පෙනී සිටි අයද ඔවුන්ගේ දෙමාපියන්ද යන්න අපැහැදිලි වූ අතර පැමිණි වැඩි දෙනා ශරීරයේ අඟපසඟ උවමනාවටත් වඩා හුවා දක්වමින් අවධානය ගන්නට පෙළැඹෙන ඔවුනට හිතවත් නිරූපිකාවන් පිරිසක් පමණක් විය.

මීට වසර පහකට පමණ පෙර ඉරාජ් වීරරත්න විසින්ද ව්‍යාජ ආකාරයේ මංගල උත්සවයක් පවත්වා අන්තර්ජාල අවධානය ලබාගෙන පසුව මියුසික් වීඩියෝවක් පිටකරන උත්සාහයක යෙදුණි. මෙම මංගල උත්සවය පිළිබඳ පසුකතාවද වාර්තා කර තිබෙන්නේ එම කණ්ඩායම විසින්මය.
ඇත්ත ආකාරයට පවත්වන ලද විවාහ උත්සවයේ ඡායාරූප පහතින්
https://gallery.gossiplankanews.com/wedding/hasini-samuel-and-wishwa-perera-engagement.html
Pix By -Suren Abeysundara