https://www.gossiplankanews.com/2018/12/sunil-shantha-arrested.html
ති විශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන සුනිල් ශාන්ත පසුගියදා වෙස්වළාගත් කණ්ඩායමක උදව්වෙන් වැලිකඩ බන්ධනාගාරයෙන් පළාගොස් සිටි අතර අද 12 දින පොලිසිය සිදු කළ මෙහෙයුමකදී මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි
වාර්තාවේ.
ව්‍යාජ ලෙස සකස්කරන ලද බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගත්  කණ්ඩායමක්
ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් රවටා ඇතුළුවී මොහුව රැගෙන ගොස් තිබුනේ පසුගිය නොවැම්බර් මස අගදීය. මාස 6 කට පමණ ඉහත රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති හෙරොයින්

කිලෝ 2ක් සමග හොරණ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන සිරගතකර සිටි සුනිල් ශාන්ත නමැති ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස සැලකෙන අතර ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන සුසෙව් හා සිද්ධික් නැමැත්තන්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.

කළුතර බන්ධනාගාරයෙන් පැනයාමට ද සැකකරු කිහිප වතාවක්ම උත්සාහ කර තිබී ඇති අතර කෝටි 5 ක අල්ලසක් දී පළායාමට තැත් කිරීමේ සිද්ධියක්ද වාර්තාවී තිබිණි. පසුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර තිබිණි.
සැකකරු රඳවා සිට ඇත්තේ ද විශේෂ ගණයේ සැකකරුවන්ගේ රැඳවුම් මැදිරියකය. නමුත් ඉතා සූක්ෂ්ම සැලසුමක් අනුව එම පරිශ්‍රයේ රෝහල ආසන්නයේ දී ව්‍යාජ බන්ධනාගාර බස්රථයට ඔහුව ඇතුලුකරගෙන පැනයාමට සමත්ව තිබුනේය.
කෑගල්ල බන්ධනාගාරයේ සිට  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබූ මෙම සැකකරු නැවත කලුතර බන්ධනාගාරයේ රැඳවීමට නියම වී තිබී ඇත. එයට හේතුවී ඇත්තේ  මතුගම අධිකරණයේ විභාග වෙන නඩුවක් සඳහා පෙනී සිටීමටය.මේ නිසා අතුරුදන්වූ සිරකරු එදින කළුතරට මාරුවී ඇති බව වැලිකඩ සටහන් පොත්වල සටහන්ව ඇති අතර ඔහු වැලිකඩින් නික්ම ගොස් ඇත්තේ කලුතරට ගෙනයන බසයේ නොව වෙස්වළාගත් කණ්ඩායමට අයත් බසයේ බව හඳුනාගන්නා විට පැනගොස් අවසන්ව තිබුණි.

ඔහු බන්ධනාගාර බස් රථයෙන් රහසේ පළායාම සිද්ධවුවත් බන්ධනාගර නිලධාරීන් ඒ ගැන ඒ දිනයේම එකවර දැනුවත්වී නැත.
කළුතර නඩුව විභාග වීමට නියමිතව තිබිදී නඩුවට අදාළ සැකකරු පැමිණ නොමැති හේතුව කළුතර බන්ධනාගාරයෙන් සොයා බැලීමේදී මේ පිළිබඳ මුලින්ම අනාවරණය විය.
ඒ පිලිබඳ සිදු කළ පරීක්ෂණ අනුව අද ඔහුව මීමුරේ ප්‍රදේශයේදී කොටු කරගන්නට හැකිව තිබේ.